චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ ස්ථාවර සාමාජික සහ උප ඇමති Ding Xuexiang මහතා, දෙවැනි එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලේ විද්‍යා හා තාක්ෂණ හුවමාරු සමුළුවට එක්වීම වෙනුවෙන් චීනයට පැමිණි සර්බියා පාර්ලිමේන්තුවේ උප කථා නායිකා Marina Ragus මහත්මිය, උස්බෙකිස්ථාන උප ඇමති Ramatov Achilbay Jumaniyazovich මහතා හා ඉරාන උප ජනාධිපති Hossein Afshin මහතා වෙන් වෙන් ව හමු වෙති.
සර්බියානු පාර්ලිමේන්තුවේ උප කථා නායිකා Marina Ragus මහත්මිය සමග ඊයේ(10) පැවති හමුවේදී Ding Xuexiang මහතා පැවසුවේ චීන-සර්බියා මිතුදමට දිගු ඉතිහාසයක් ඇති බවයි. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හා සර්බියා ජනාධිපති Aleksandar Vučić මහතා බොහෝ වතාවක් හමු වී දෙරටේ සබඳතා වර්ධන දිශාව පැහැදිලි කර තිබේ. සර්බියාව සමග ප්‍රධාන අවධානයට ලක් වන ප්‍රශ්න හා කේන්ද්‍රීය ප්රතිලාභ අතින් එකිනෙකාට සහය ලබා දෙමින් ද්විපාර්ශ්වික සබඳතා නව වර්ධන අවදියකට ගෙන ඒමට චීනය කැමැත්තෙන් සිටින බව Ding Xuexiang මහතා කීය.
චීනය හා සර්බියාව අතර ගැඹුරු මිතුදම සර්බියාව ඉහළින් අගය කරන බව Marina Ragus මහත්මිය එහිදී පැවසුවාය. පොදු ඉරණමක් සහිත චීන-සර්බියා හවුල ගොඩනැගීමට සර්බියාව කැමැත්තෙන් සිටින බව Marina Ragus මහත්මිය කියා සිටියාය.

උස්බෙකිස්ථානය සමග දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය හා සාම්ප්‍රදායික මිතුදම තවදුරටත් තහවුරු කරමින් උපායමාර්ගය ගැළපීම ගැඹුරු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව උස්බෙකිස්ථාන උප ඇමති Ramatov Achilbay Jumaniyazovich මහතා හමුවූ අවස්ථාවේදී Ding Xuexiang මහතා පැවසීය..
දෙරටේ නායකයන්ගේ එකඟතාව යටතේ දෙරටේ ප්‍රායෝගික සහයෝගිතා පුළුල් කරමින් අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය ප්‍රවර්ධනය කිරීමට තම රට කැමැත්තෙන් සිටින බව Ramatov Achilbay Jumaniyazovich මහතා එහිදී පෙන්වා දුන්නේය.

ඉරානය සමග චීන ඉරාන පූර්ණ සහයෝගිතා සැලැස්ම ක්‍රියාවට නංවමින් අධි ගුණාත්මකභාවයෙන් යුතු එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල පොදුවේ සංවර්ධනය කිරීම ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ඉරාන උප ජනාධිපති Hossein Afshin මහතා හමුවීමේදී Ding Xuexiang මහතා කීය.
දෙරටේ සබඳතා වර්ධනය ඉරානය ඉහළින් අගය කරන බව Hossein Afshin මහතා එහිදී කියා සිටියේය. චීනය සමග ජනතාව අතර අවබෝධ වර්ධනය කරමින් විද්‍යා හා තාක්ෂණ යනාදී ක්ෂේත්රවල නව ප්‍රගති ලබා ගැනීමට ඉරානය කැමැත්තෙන් සිටින බව Hossein Afshin මහතා පෙන්වා දුන්නේය.