කෙන්යානු උප ජනාධිපති Kithure Kindiki මහතාගේ ඇරයුමෙන් චීන උප ජනාධිපති Han Zheng මහතා පසුගිය 22 වැනිදා සිට 25 වැනිදා දක්වා කෙන්යාවේ නිල සංචාරයක නිරත විය.
දෙරටේ රාජ්‍ය නායකයන් එළඹුණු පොදු එකඟතා සහ චීන-අප්‍රිකා සහයෝගිතා සංසදයේ බෙයිජිං සමුළුවේ ප්‍රතිඵල මනාව ක්‍රියාත්මක කිරීම සඳහා කෙන්යාව සමඟ එක්ව කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බව Han Zheng මහතා කෙන්යානු ජනාධිපති William Samoei Ruto මහතා හමුවූ අවස්ථාවේදී පැවසීය.
මෙම වසර චීනයේ “15වැනි පස් අවුරුදු සැලසුම්හි”ආරම්භක වසර වන අතර චීන-කෙන්යානු නවීකරණයේ සංවර්ධනය කඩිනම් කිරීම සඳහා දෙපාර්ශ්වය ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු ප්‍රායෝගික සහයෝගිතා පුළුල් කළ යුතුය. එසේම දෙපාර්ශ්වයම චීනය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වන අප්‍රිකානු රටවල් 53 සඳහා එළඹෙන මැයි 01 වන දින සිට බලාත්මක වන ශුන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය මනාව ක්‍රියාවට නැංවිය යුතු බව ද Han Zheng මහතා කියා සිටියේය.
එකම චීනය මූලධර්මය සැමවිටම අනුගමනය කරන කෙන්යාව, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා යෝජනා කළ ගෝලීය මුලපිරුම් සඳහා ස්ථීරව අනුබල දෙමින්, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ හා ජයග්‍රාහී ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා, චීනය සමඟ විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගිතා තහවුරු කිරීමට කෙන්යාව කැමැත්තෙන් සිටින බව Ruto මහතා මෙහිදී පැවසීය.
මෙම හමුවෙන් අනතුරුව අදාළ ද්විපාර්ශ්වික සහයෝගීතා ලියවිලි අත්සන් කිරීමේ උත්සවයට නායක දෙපළ සහභාගි වූහ.
මේ අතර සිය කෙන්යානු සංචාරය අතරතුර, ශුන්‍ය තීරු බදු යටතේ චීනයට අපනයනය කරන ලද කෙන්යානු නිෂ්පාදන ප්‍රදර්ශනයට සහ චීන-කෙන්යා ව්‍යාපාරික සංසදයට සහභාගී වීමට ද Han Zheng මහතා එක් විය. කෙන්යාව ඇතුළු අප්‍රිකානු රටවල් සමඟ ආර්ථික හා වෙළඳ සහයෝගීතාව පුළුල් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ඔහු එහිදී ප්‍රකාශ කළේය.