චීන උප විදේශ ඇමති සහ චීනයේ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ රටවල තානාපතිවරුන් අතර හමුවක්

චීන උප විදේශ ඇමති Miao Deyu මහතා චීනයේ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ (GCC) රටවල තානාපතිවරුන් හමු වෙයි. පසුගිය 11 වැනිදා මෙම හමුව සිදු විය.

චීනයේ බහරේන තානාපති Mohammed Sheikho මහතා එම හමුවේදී ගල්ෆ් කලාපීය තත්ත්වය සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ ස්ථාවරය පිළිබඳව හඳුන්වා දුන්නේය. ජාතික ආරක්ෂාව, භෞමික අඛණ්ඩතාව සහ ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය අවශ්‍ය සියලු පියවර ගන්නා බව ඔහු අවධාරණය කළේය.

ඉරානයේ තත්ත්වය පිළිබඳ චීනයේ ස්ථාවරය පැහැදිලි කිරීමට ද Miao Deyu මහතා මෙහිදී පියවර ගත්තේය.  එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අවසරයකින් තොරව ස්වාධීන රාජ්‍යයන්ට එරෙහිව හමුදා ප්‍රහාර එල්ල කිරීමට චීනය විරුද්ධ වන බවත් අහිංසක සාමාන්‍ය වැසියන්ට සහ හමුදා නොවන ඉලක්ක වෙත එල්ල කරන ඕනෑම ප්‍රහාරයක් හෙළා දකින බවත් හෙතෙම අවධාරණය කළේය.

සංවාද හා සාකච්ඡා මාර්ගයෙන් ගැටළු විසඳීමට ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ රටවල් දක්වන කැපවීම චීනය අගය කරමින්, සටන් විරාමයක් ප්‍රවර්ධනය කිරීමට ගල්ෆ් රටවල් සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ද Miao Deyu මහතා වැඩිදුරටත් කියා සිටියේය.