චීනය හා කැනඩාව අතර නවාකාරයේ උපායමාර්ගික හවුල්කාරීත්වය ගොඩනැංවීම විවෘතභාවය, සහභාගීත්වය හා සහයෝගයෙන් පොදු ජයග්‍රාහී බව පෙන්නුම් කිරීමක් බව චීනය පවසයි. ඉන් කිසිදු තෙවන පාර්ශ්වයකට එරෙහි වීමක් සිදු නොවන බව අද(11) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා පැවසීය. එම ක්‍රියාමාර්ගය චීන-කැනඩා ජනතාවගේ පොදු ප්‍රතිලාභවලට ගැලපෙන බවත්, එය ලෝකයේ සාමය, ස්ථාවරත්වය හා සංවර්ධනයට හිතකර වන බවත් ඔහු කියා සිටියේය.
මේ අතර, චීනයේ න්‍යෂ්ටික ප්‍රතිපත්තිය පිළිබඳ ඇමරිකානු උප රාජ්‍ය ලේකම්වරයා පසුගියදා සිදු කළ ප්‍රකාශයට Lin Jian මහතා එහිදී දැඩි විරෝධය පළ කළේය. ඇමරිකාව අඛණ්ඩව චීනයේ න්‍යෂ්ටික ප්‍රතිපත්තිය විකෘති කිරීම, එරට න්‍යෂ්ටික අධිපතිවාදය තහවුරු කිරීමක් හා තමාට පැවරී ඇති න්‍යෂ්ටික නිරායුධකරණ වගකීම බැහැර කිරීමේ දේශපාලනික උපක්‍රමයක් බවද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.