චීන-කුවේට් උපායමාර්ගික හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් ව ඉදිරියට ගෙන යාමට සූදානම්- චීන උප ජනපති

චීන උප ජනාධිපති Han Zheng මහතා කුවේට් හි Sheikh Mishal Al-Ahmad Al-Jaber Al-Sabah එමීර්වරයා හමු වේ. ඒ නොවැම්බර් 01 සහ 02 යන දෙදින තුළ Han Zheng මහතා එක් වූ කුවේට් සංචාරය අතරතුරදී ය.

චීන-කුවේට් මිත්‍රත්වය හා ද්විපාර්ශ්වික සබඳතාව චීනය වැදගත් කොට සලකන බව Han Zheng මහතා එම හමුවේදී පෙන්වා දුන්නේය. කුවේට් රාජ්‍යය සමඟ අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය ශක්තිමත් කරමින් දෙර‍ට නායකයන්ගේ මඟපෙන්වීම යටතේ අත්සන් කළ සහයෝගිතා ලේඛන මනාව ක්‍රියාත්මක කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ඔහු පැවසීය. එමගින් දෙරටේ උපායමාර්ගික හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් ව ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කෙරෙන බව ද ඔහු කියාසිටියේය. චීන-GCC(ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය) සහයෝගිතාවය සඳහා‍ කුවේට් රාජ්‍යය ලබා දෙන දායකත්වය චීනය අගය කරන අතර, GCC හි වාරික සභාපතිත්වය හිමි රට ලෙස කුවේට් රාජ්‍යය තවදුරටත් ඒ සඳහා සක්‍රිය දායකත්වයක් ලබා දෙනු ඇතැයි චීනය විශ්වාස කරන බව Han Zheng මහතා පවසා ඇත.

ගෝලීය පාලන මුලපිරුම ඇතුළු චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ ගෝලීය මුලපිරුම් හතරට කුවේට් රාජ්‍යය උපරිම සහාය දක්වන අතර, ස්ථීර ලෙස එකම චීනය මූලධර්මයට අනුගත වන බව කුවේට් හි Sheikh Mishal Al-Ahmad Al-Jaber Al-Sabah එමීර්වරයා එම අවස්ථාවේදී පැවසීය. GCC රටවල් මෙන්ම අරාබි රටවල් චීනය සමග පවතින සහයෝගිතා නව මට්ටමකට ගෙන ඒමට කුවේට් රාජ්‍යය ක්‍රියාකාරී දායකත්වයක්  ලබා දෙන බව ඔහු සඳහන් කර ඇත.

කුවේට් සංචාරය අතරතුරදී Han Zheng මහතා වෙන් වෙන්ව කුවේට් හි ඔටුන්න හිමි Sheikh Sabah Al-Khaled Al-Sabah කුමරු හා එරට අගමැති Sheikh Ahmad Al-Abdullah Al-Sabah මහතා ද හමු වී ඇත.