චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම හමුදා කොමිසම එරට ජනරාල් ධුරය සඳහා කළ නව පත් කිරීම වෙනුවෙන් චීන ජනාධිපති,මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ “බා යි” ගොඩනැගිලි පරිශ්‍රයේ දී විශේෂ උත්සවයක් පැවැත්විණ.
චීන මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා අත්සන් කළ ජනරාල් නිලය ලබාදීමේ නියෝගය, මධ්‍යම හමුදා කොමිසමේ උප සභාපති Zhang Youxia මහතා විසින් එහිදී ප්‍රකාශ කළේය. මෙවර ජනරාල් ධුරයට උසස් කෙරුණේ චීන පාබල හමුදා දේශපාලන අංශයේ කොමසාරිස් Chen Hui මහතා ය. ෂී ජින් පිං මහතා, Chen Hui මහතා වෙත නව ධුරයට අදාළ නියෝගය පිළිගන්වමින් සිය සුබ පැතුම් ද එක් කළේ ය.