චීන කොමියුනිස්ට් පක්ෂයේ ස්වයං-සංශෝධනය සඳහා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා උපදෙස් ලබාදෙයි. ඒ පිළිබඳ එතුමාගේ ලිපියක් චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ අධිකාරි සඟරාව වන Qiushi සඟරාවෙහි හෙට (01) පළ කෙරේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ සංවර්ධනය සඳහා ස්වයං- සංශෝධනයේ වැදගත්කම ෂී ජින් පිං ජනාධිපතිවරයා එම ලිපිය මගින් අවධාරණය කර තිබේ. ඒ සඳහා තීරණාත්මක කරුණු 5ක් හෙතෙම පෙන්වා දෙයි. පක්ෂයේ ස්වයං-සංශෝධනය පිළිබඳ මෙන් ම පක්ෂ සාමාජිකයන් හා පක්ෂ බලධාරීන් සිය වගකීම් හා යුතුකම් පිළිබඳ නිවැරදි අවබෝධය වඩාත් ඉහළ නංවා ගත යුතු ය. එසේ ම පක්ෂ බලධාරීන් බලය භාවිත කිරීම වඩාත් විධිමත් අයුරින් සිදු කළ යුතු අතර නීති රෙගුලාසි බලාත්මක කිරීම වඩාත් දැඩිව අධීක්ෂණයට ලක් කළ යුතු බව චීන ජනාධිපතිවරයා පෙන්වා දෙයි. පක්ෂයේ විවිධ තරාතිරම්හි නිරත බලධාරීන් සිය පරිපාලන වගකීම් හා යුතුකම් වඩාත් ඉහළ මට්ටමකින් සිදු කිරීමේ අවශ්‍යතාව ද චීන ජනාධිපතිවරයාගේ එම ලිපියෙන් අවධාරණය කෙරේ.