චීන පාලක කොමියුනිස්ට් පක්ෂයේ සංවර්ධනය තවදුරටත් ශක්තිමත් කෙරේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ සංවර්ධන කටයුතු පිළිබඳ නායක කණ්ඩායම අද (24) රැස්වීමක් පැවැත්වීය. පක්ෂයේ මහ ලේකම්, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කාර්ය සාධනය පිළිබඳ නිවැරදි දැක්ම ස්ථාපිත කරමින් එම දැක්ම ක්‍රියාවට නංවා ගැනීම සම්බන්ධව ලබාදුන් උපදෙස් එහිදී අධ්‍යයනයට ලක් කෙරුණු අතර පක්ෂය තුළ අදාළ අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද එම රැස්වීමේදී සාකච්ඡා කෙරිණ.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික Cai Qiමහතා සහ Li Xi මහතා පක්ෂයේ සංවර්ධන කටයුතු පිළිබඳ නායක කණ්ඩායමේ ප්‍රධානීන් වශයෙන් එම රැස්වීමට එක් වෙමින් දේශන පැවැත්වූහ.
මේ වන විට කාර්ය සාධනය පිළිබඳ නිවැරදි දැක්ම ස්ථාපිත කරමින් එම දැක්ම ක්‍රියාවට නංවා ගැනීමේ අධ්‍යයන කටයුතු පිළිබඳව කොමියුනිස්ට් පක්ෂයේ සියලු සාමාජිකයන් දැනුවත් කර තිබේ. පක්ෂයේ විවිධ මට්ටමේ සංවිධාන හා කමිටු එම අධ්‍යයන කටයුතු මේ වසරේ පක්ෂ සංවර්ධනයේ වැදගත්ම කාර්යය වශයෙන් සැලකිය යුතු බවත්, කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව එම අධ්‍යයන කටයුතු සඳහා නායකත්වය ලබා දිය යුතු බවත් , එම රැස්වීමේදී අවධාරණය කෙරිණ.