චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ කෘති 03ක් හොංකොං හිදී එළිදක්වයි. ඒ, “අධ්‍යාපනය පිළිබද මතය”, “ෂී ජින් පිංගේ සංස්කෘතික චින්තන අධ්‍යයන දළ සටහන” සහ “සමීපව: හද උණුසුම් කරවන මොහොතක්” යන කෘති තුනය.
හොංකොං හි යුනයිටඩ් ප්‍රකාශන සමූහය විසින් පසුගියදා මෙම කෘති, සාම්ප්‍රදායික චීන භාෂාවෙන් ප්‍රකාශයට පත් කර ඇත. අද (16) දින ආරම්භ වූ හොංකොං පොත් ප්‍රදර්ශනයේ පළමු දිනයේදී මෙම නව පොත් එළිදැක්වීම සිදුවිණ.
මෙම කෘති 03 සාම්ප්‍රදායික චීන භාෂාවෙන් ප්‍රකාශයට පත් කිරීම, ෂී ජින් පිං මහතාගේ නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදී චින්තනය, හොංකොං සහ මැකෞ විශේෂ පරිපාලන කලාප වල පාඨකයන්ට ක්‍රමානුකූලව තේරුම් ගැනීමට උපකාරී වීමට ඉතා වැදගත් වේ.