චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඔලිම්පික් කමිටුවේ සභාපතිනි Kirsty Coventry මහත්මිය සහ එහි ජීවිතාන්තය තෙක් ගෞරවනීය සභාපති ලෙස කටයුතු කරන Thomas Bach මහතා හමුවිය. ඒ, අද(9) පස්වරුවේ චීනයේ Guangzhou නගරයේ දීය. 15 වන චීන ජාතික ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට සහභාගී වීම සඳහා ඔවුහු චීනයට පැමිණ සිටිති.
චීනය සැමවිටම ඔලිම්පික් ජීවගුණය ස්ථිරව අනුගමනය කරමින්, එය ආරක්ෂා කරමින් ප්‍රචලිත කිරීමෙහි ද නිරත වන බව ෂී ජින්පිං මහතා එම හමුවේදී පෙන්වා දුන්නේය. ජාතික ක්‍රීඩා උළෙල චීනයේ විශාලතම සහ ඉහළම මට්ටමේ පුළුල් ක්‍රීඩා තරඟාවලිය වන අතර මෙවර එය Guangdong පළාත, හොංකොං සහ මැකව් යන විශේෂ පරිපාලන කලාප දෙක විසින් සම-සත්කාරකත්වය දැරීම විශේෂත්වයක් බව ඔහු අවධාරණය කළේය. Guangdong -හොංකොං-මැකව් මහා බොක්ක කලාපය චීනයේ වඩාත්ම විවෘත හා ආර්ථික වශයෙන් ජවසම්පන්න කලාපවලින් එකකි. මෙවර ජාතික ක්‍රීඩා උළෙල, නව යුගයේ චීනයේ ක්‍රීඩා සංවර්ධනයේ නව ජයග්‍රහණ පමණක් නොව, මහා බොක්ක කලාපයේ චීන මාදිලියේ නවීකරණයේ ජවසම්පන්නභාවය ද ප්‍රදර්ශනය කරනු ඇතැයි විශ්වාස කරන බව ඔහු ප්‍රකාශ කළේය.
චීනයේ දිගුකාලීන ශක්තිමත් සහයෝගය සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව වෙනුවෙන් කෘතඥතාව පළ කළ Kirsty Coventry මහත්මිය සහ Thomas Bach මහතා, ඔලිම්පික් ව්‍යාපාරයේ ඉහළ සංවර්ධනය ඒකාබද්ධව ප්‍රවර්ධනය, විවිධ රටවල ජනතාව අතර එකමුතුකම වැඩිදියුණු කිරීම සහ ලෝක සාමය ප්‍රවර්ධනය සඳහා චීනය සමඟ සහයෝගීතාව අඛණ්ඩව ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව ද කියා සිටිති. තවත් නොබෝ වේලාවකින් ආරම්භ වීමට නියමිත චීන ජාතික ක්‍රීඩා උළෙල, විශිෂ්ට හා සාර්ථක තරඟාවලියක් වනු ඇති බවත් චීනයේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ නව වර්ධනයන් නිසැකවම ප්‍රවර්ධනය කරනු ඇති බවත් ඔවුහු සඳහන් කළහ.