15 වන චීන ජාතික ක්‍රීඩා උළෙලේ සමාරම්භක අවස්ථාවේදී චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කමිටු සභාපති ෂී ජින්පිං මහතා, චීන ජාතික මහජන ක්‍රීඩා කටයුතු සහ ජාතික ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගතිශීලී ආයතන, කණ්ඩායම් හා නියෝජිතයන් පිරිසක් හමුව ඇත.
එම හමුව අද(09) පස්වරුවේ දකුණු චීනයේ Guangzhou නගරයේදී පැවැත්විණ. අදාළ ආයතන, කණ්ඩායම් හා නියෝජිතයන් වෙත හෙතෙම උණුසුම් සුබ පැතුම් පිරිනමා ඇත. වඩා වැඩි උත්සාහ දරමින් ශක්තිමත් ක්‍රීඩා කෞශල්‍යයකින් හෙබි රටක් ගොඩනැගීම වෙනුවෙන් නව දායකත්වයන් ලබා දීමට ෂී ජින් පිං මහතා ඔවුන් දිරිමත් කළේය.
