චීන ජනපති කාම්බෝජයේ නිල සංචාරය අරඹයි

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(17) පෙරවරුවේ විශේෂ ගුවන් යානයකින් කාම්බෝජයේ නොම් පෙන් අගනුවරට ළඟාවී එරට නිල සංචාරයක් ආරම්භ කළේය.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කාම්බෝජයේ නොම් පෙන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණීමෙන් පසු ලිඛිත ප්‍රකාශයක් සිදු කළේය.

Norodom Sihamoni රජුගේ ආරාධනාවකට අනුව, කාම්බෝජයේ යළි නිල සංචාරයක යෙදීම සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයා මුලින්ම සිය සතුට ප්‍රකාශ කළේය. කාම්බෝජ සාම්ප්‍රදායික අලුත් අවුරුද්දට සමගාමීව මෙවර සංචාරය සිදු කිරීමේදී, චීන රජය සහ ජනතාව වෙනුවෙන්, සහෝදර කාම්බෝජ රජය මෙන්ම ජනතාවට ද චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සුභ පැතුම් පිරිනැමීය.

කාම්බෝජය දිගු ඉතිහාසයක් සහ පෙහොසත් ශිෂ්ටාචාරයක් සහිත රටකි. කඩිසර හා බුද්ධිමත් කාම්බෝජ ජනතාව විශිෂ්ට Khmer ශිෂ්ටාචාරය නිර්මාණය කර ඇති අතර මානව ශිෂ්ටාචාරයේ ප්‍රගතිය සඳහා දැවැන්ත දායකත්වයක් ලබා දී ඇති බව ද හෙතෙම සඳහන් කරයි.

මෑත වසරවලදී, කාම්බෝජයේ ආර්ථිකය සීඝ්‍රයෙන් වර්ධනය වී ඇති අතර ජනතාවගේ ජීවනෝපාය අඛණ්ඩව වැඩිදියුණු වී ඇත. කාම්බෝජ ජනතාව ජාතික සංවර්ධන ව්‍යායාමයේ නව හා ශ්‍රේෂ්ඨ ජයග්‍රහණ නිසැකවම අත්කර ගනු ඇතැයි තමා විශ්වාස කරන බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය.

ජාත්‍යන්තර තත්ත්වයේ මතුවන විපර්යාසය හමුවේ චීන-කාම්බෝජ සබඳතා සැමවිටම පාෂාණයක් මෙන් ශක්තිමත්ව පවතී. තම රටේ ස්ථාවරත්වය පවත්වා ගැනීමටත් සංවර්ධනය හා සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමටත් චීනය හා කාම්බෝජය එකිනෙකාට සහයෝගය දක්වයි. දෙරට නව මාදිලියේ ජාත්‍යන්තර සබඳතා ගොඩනැගීම සඳහා ආදර්ශයක් සපයා දෙමින් පොදු ඉරමණක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම උදෙසා දායක වී ඇති බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

කාම්බෝජය තම අසල්වැසි රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ ප්‍රධාන දිශාවක් ලෙසට සලකන චීනය, කාම්බෝජයේ උපායමාර්ගික ස්වාධීනත්වය පවත්වා ගෙන එහි ජාතික තත්වයන්ට ගැලපෙන සංවර්ධන මාවතක් අනුගමනය කිරීමට  තරයේ සහාය දක්වයි. Norodom Sihamoni රජු, Norodom Monineath රැජින, Samdech Hun Sen කුමරු සහ අගමැති Hun Manet මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමෙන්, දෙරට අතර ඉහළ මට්ටමේ දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය, උසස් තත්ත්වයේ අන්‍යෝන්‍ය වාසිදායක සහයෝගීතාව සහ ඉහළ ප්‍රමිතියකින් යුත් උපායමාර්ගික සම්බන්ධීකරණය ගැඹුරු කිරීමට තමා බලාපොරොත්තු වන බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.