චීන ජනපති චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ සාමාජිකයන් හමු වේ

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ 3වැනි සැසිවාරයට එක්ව සිටින සාමාජිකයන් හමුවිය.

එම සැසිවාරය ‍මේ දිනවල බෙයිජිං අගනුවර මහජන මහ ශාලාවේදී පැවැත්වේ. මෙම හමුව ඊයේ (6) සවස පැවැත්විණ. එහිදී චීන ප්‍රජාතාන්ත්‍රික පක්ෂ දෙකක් වන චීන ප්‍රජාතන්ත්‍රවාදී සංගමය හා චීන ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධන සංගමයේ සාමාජිකයන් මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රවල සාමාජිකයන්ගෙන් සමන්විත සාකච්ඡා කණ්ඩායමට එක් වූ ජනාධිපතිවරයා ඔවුන් සමග අදහස් හුවමාරු කර ගෙන ඇත. 

විද්‍යා හා තාක්ෂණය මෙන්ම වෘත්තිමය කුසලතා සඳහා සහාය වීමේදී අධ්‍යාපනයේ කාර්යභාරය ශක්තිමත් කළ යුතු බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය. 

සියලු ක්ෂේත්‍රවලට හැකියාවන් අඛණ්ඩව ඒකාබද්ධ කිරීම සඳහා අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කළ යුතුය. කුසලතා අනුව තෝරා ගැනීම් සිදු කිරීමේ පූර්ණ යාන්ත්‍රණයක් සහ විවිධාංගීකරණයෙන්  යුත් සංවර්ධන පරිසරයක් හරහා, දක්ෂයින්ට තමන්ට වඩාත් ගැළපෙන තනතුරු සඳහා ප්‍රවේශ විය හැකිය. දක්ෂතා උපරිම ලෙස ඉස්මතු කර ඒවායේ වටිනාකම සම්පූර්ණයෙන්ම පිළිබිඹු කළ යුතු බව ද ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දී තිබේ.

මේ අවස්ථාවේදී, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සමස්ත චීන කාන්තාවන්ට සුබ පැතුම් පිරිනමා ඇත. එළඹෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කරගෙන හෙතෙම ඊයේ (6) චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරමින්, බෙයිජිං හි පැවැත්වෙන 14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3වැනි සැසිවාරයට හා චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ 3වැනි සැසිවාරයට එක්ව සිටින කාන්තා නියෝජිතයන් ඇතුළු රටේ විවිධ ජාතීන් හා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන කාන්තාවන්, හොංකොං, මැකව් විශේෂ පරිපාලන කලාපවල හා තායිවාන ප්‍රදේශයේ ස්වදේශික කාන්තාවන් සහ විදේස්ගත චීන ජාතික කාන්තාවන් වෙත  සුබ පැතුම් පිරිනමා තිබේ.