නව වසර උදා වී ඇත. 2025 වසරේදී චීනය යා යුතු ගමන් මඟ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සිය නව වසරේ සුබපැතුම් පණිවිඩයෙන් පැහැදිලි කර තිබේ.“අප ශක්තිමත් වී ඇත්තේ අභියෝගයන් හමුවේම ය. එබැවින් සැමටම පූර්ණ විශ්වාසයක් තිබිය යුතු ය.”යනුවෙන් හෙතෙම එම පණිවිඩයෙන් කියාසිටී.
විශ්වාසය රත්‍රංවලට වඩා වටී යන්න චීන කියමනකි. චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කර ගෙවුණු වසර 75 තුළ චීන ජනතාව පියවරෙන් පියවර රට ශක්තිමත්ව ගොඩනගා ඇත්තේ විශ්වාසයෙන් බව අවවාදිත ය. වර්තමානයේ චීනය සංවර්ධනය වෙමින් පවතින්නේ ද චීන රජයේ හා ජනතාවගේ විශ්වාසය මත ය. විවිධ කාලවකවානුවල චීන ආර්ථිකය විවිධ තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ප්‍රබල හැකියාව, චීනයේ ඉහළ ගුණාත්මක සංවර්ධනය හා ඉහළ යන නවෝත්පාදන ධාරිතාව, චීන රජයේ සැලසුම් සහගත සංවර්ධන උපාය මාර්ගය, එම විශ්වාසයට තුඩු දෙන සාධකයන් ය.එසේ ම රටේ දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමයට එක්ව සිටින චීන ජනතාවගේ කැපවීම් සුළුපටු නැත. චීන ජනාධිපතිවරයා නව වසරේ සුබපැතුම් පණිවිඩයෙන් කී පරිදි චීන මාදිලියේ නවීකරණය සඳහා යන නව ගමනේදී සෑම චීන ජාතිකයෙකුම ප්‍රධාන චරිතයකි.
2025 වසර චීනයට සුවිශේෂ ය. චීනයේ 14වැනි පස්අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන අවසන් වසර වන්නේ 2025 වසර ය. එම සැලැස්ම සාර්ථකව නිම කිරීම කෙරෙහි දැඩි විශ්වාසයක් තබන බව චීන ජනාධිපතිවරයා පවසයි. එපමණක් නොව චීන සංවර්ධනය නම් සීග්‍රගාමී දුම්රියේ විවිධ රටවල් වෙනුවෙන් ද ඉඩ වෙන් කෙරෙන බව හෙතෙම ප්‍රකාශ කර තිබේ.
2025 වසර ලෝකයටත් සුවිශේෂ ය. ලෝකය පැසිස්ට්වාදයට එරෙහිව සටන් කිරීමේ 80වැනි සංවත්සරය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්ථාපිත කිරීමේ 80වැන සංවත්සරය 2025 වසරේදී සැමරේ. විවිධ රටවල් සමග එක්ව ලෝකය වෙනුවෙන් වඩාත් සුන්දර අනාගතයක් නිර්මාණය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව චීන ජනාධිපතිවරයා සිය නව වසරේ සුබපැතුම් පණිවිඩයෙන් කියාසිටී.
2025 වසරේ සිය ජනතාවට වඩාත් ජයග්‍රාහී ජීවිතයක් මෙන්ම ලෝකයට වඩාත් පුළුල් සංවර්ධන අවස්ථා ලබාදීම සඳහා චීනය පූර්ණ විශ්වාසයෙන් කටයුතු කරනු නොඅනුමාන ය.