චීන ජනපති ප්‍රධානත්වයෙන් ස්වේච්ඡා රුක් රෝපණ වැඩසටහනක්

චීන කොම්යුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්,ජනාධිපති සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා අද (30) පෙරවරුවේ බෙයිජිං හිදී ස්වේච්ඡා රුක් රෝපණ වැඩසටහනට සහභාගී විය.

යහපත් පරිසරයක් යනු සැමට බෙදා ගත හැකි දෙයක් බවත්, එය ගොඩනැගීමට ඒකාබද්ධ උත්සාහයන් අවශ්‍ය බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය. චීන මාදිලියේ පරිසර හිතකාමී නවීකරණයේ බලගැන්වීම සඳහා රුක් රෝපණයට සහභාගී වීමට මුළු සමාජයම සංවිධානය කර බලමුලු ගැන්විය යුතු බව හෙතෙම පැවසීය.

රුක් රෝපණයෙහි නිරත වන අතරතුර ෂී ජින්පිං මහතා එහි සිටි අදාළ ආයතනවල නිලධාරීන්, සේවකයන් මෙන්ම පාසැල් සිසුන් පිරිසක් සමග සුහද පිරිසඳරක නිරත විය.

මෙම වසර 15 වන පස් අවුරුදු සැලැස්මේ ආරම්භය සහ චීනය පුරා ස්වේච්ඡා රුක් රෝපණ ව්‍යාපාරයේ 45 වන සංවත්සරය සනිටුහන් කරන බව ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය. සුන්දර චීනයක් ගොඩනැගීමේදී රුක් රෝපණය හා වනාන්තරකරණය වැදගත් කාර්යයන් බවත්, ඒ සඳහා දිගුකාලීන දැක්මකින් එක්ව කටයුතු කළ යුතු බවත් ෂී ජින්පිං මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.