චීන ජනපති මැකව් විශේෂ පරිපාලන කලාපයට පැමිණෙයි.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(18) පස්වරුවේ විශේෂ ගුවන් යානාවකින් මැකව් විශේෂ පරිපාලන කලාපයට පැමිණ තිබේ.

අනතුරුව ගුවන් තොටුපළේ සිට ඔහු දේශනයක් සිදු කර ඇත.

එළඹෙන 20වනදා පැවැත්වෙන මැකව් විශේෂ පරිපාලන කලාපය මව්රටට යළි එක්වීමේ 25 වැනි සංවත්සරයේ සැමරුම් සම්මේලනය හා එම කලාපයේ හය වන රජයේ දිවුරුම් දීමේ උත්සවයට හෙතෙම සහභාගි වීමට නියමිතය.

අනතුරුව ජනාධිපතිවරයා මැකව් හි නිරීක්ෂණ චාරිකාවකට ද එක් වනු ඇත.