චීන ජනපති රුසියානු අගමැති හමු වෙයි

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා රුසියානු අග්‍රාමාත්‍ය Mikhail Mishustin මහතා හමු වේ. ඒ අද(4) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදීය.

මෙම වසරේ සිට කැළඹිලි සහිත බාහිර පරිසරයකට මුහුණ දීමට සිදු වුවද චීන-රුසියා සබඳතා වඩාත් ඉහළ මට්ටමින් මෙන්ම වැඩි ගුණාත්මක බවින් යුතු සංවර්ධනයක් ඉලක්ක කර ගනිමින් ස්ථාවරව ඉදිරියට ගොස් ඇති බව ෂී ජින්පිං මහතා සඳහන් කළේය. චීන-රුසියානු සබඳතා මනා ව පවත්වා ගනිමින් නිසි පරිදි තහවුරු කර, යහපත උදෙසා සංවර්ධනය කිරීම, දෙපාර්ශ්වයේ ම උපායමාර්ගික තීරණයක් බව ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය. සමීප සම්බන්ධීකරණයකින් යුතුව, තමා සහ ජනාධිපති පුටින් අතර ඇති කර ගත් එක් දිශානතියකින් යුත් එකඟතාවන් ක්‍රියාවට නංවාලීම සඳහා දෙරට දායක විය යුතු අතර, දෙරටේ මෙන්ම එහි ජනතාවගේ මූලික අවශ්‍යතාවන් ඉලක්ක කර ගනිමින් චීන-රුසියානු සහයෝගීතාවය තවදුරටත් පුළුල් කර ලෝක සාමය සහ සංවර්ධනය සඳහා වඩාත් වැඩි දායකත්වයක් ලබා දිය යුතු යැයි ද හෙතෙම කියා සිටියේය.

දෙරටේ නායක දෙපළ විසින් ඇති කර ගත් කේන්ද්‍රීය එකඟතාව ක්‍රියාත්මක කරමින් වෙළඳ, විද්‍යා හා තාක්ෂණ, බලශක්ති, කෘෂිකාර්මික සහ ඩිජිටල් ආර්ථික යනාදී ක්ෂේත්‍රවල සහයෝගීතාවන් පුළුල් කරමින් ජනතාව අතර හුවමාරු ශක්තිමත් කර, බහුපාර්ශ්වික සම්බන්ධීකරණය වැඩි දියුණු කරමින් දෙරටේ සහයෝගීතාවන්හි වැඩි ජයග්‍රහණ ගෙන ඒම සඳහා රුසියාව, චීනය සමඟ එක්ව ක්‍රියා කිරීමට කැමැත්තෙන් සිටින බව රුසියානු අග්‍රාමාත්‍ය Mikhail Mishustin මහතා එම අවස්ථාවේදී ප්‍රකාශ කළේය.