චීන ජනපති සහ ආර්යාව වෙනුවෙන් උතුරු කොරියාවේදී විශේෂ සංස්කෘතික ප්‍රසංගයක්

චීන කොම්යුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ Peng Liyuan ආර්යාව ඊයේ (08) රාත්‍රියේ Pyongyang ක්‍රීඩාංගනයේදී උතුරු කොරියාවේ සෑම තරාතිරමකම පුද්ගලයින් සමග විශේෂ සංස්කෘතික ප්‍රසංගයක් නැරඹීමට එක් වූහ. උතුරු කොරියානු කම්කරු පක්ෂයේ මහලේකම් සහ රාජ්‍ය කටයුතු කොමිසමේ සභාපති Kim Jong-un මහතා සහ ආර්යාව Ri Sol Ju මහත්මිය ද මේ අවස්ථාවට එක් විය.

රාත්‍රී 9:00 ට පමණ, ෂී ජින් පිං මහතා සහ Peng Liyuan ආර්යාව, Kim Jong-un මහතා සහ ආර්යාව Ri Sol Ju මහත්මිය සමග ක්‍රීඩාංගනයේ වේදිකාව මතට පිවිසීමත් සමඟ රැස්ව සිටි ප්‍රේක්ෂකයින් සහ රංගන ශිල්පීන් උද්යෝගිමත්ව අත්පොළසන් හා ඔල්වරසන් දෙමින් ගරු බුහුමන් දක්වන්නට විය. චීන සහ උතුරු කොරියානු ජනතාව අතර මිත්‍රශීලී හැඟීම්වලින් පිරී තිබූ මෙම ප්‍රසංගය උද්යෝගිමත් සහ විශිෂ්ට අවස්ථාවක් විය.

වසර හතකට පසු ෂී ජින් පිං මහතා උතුරු කොරියාවේ සිදු කළ මෙම සංචාරයේදී ගීත, නර්තනාංග, කරණම් ශිල්ප  සහ වෙනත් අංග රැසක් සමඟින් රංගන ශිල්පීන් ඔවුන්ව උණුසුම් පිළිගත් ආකාරය කැපී පෙනිණ. මේ සියලු උපහාරයන් තුළින් චීනය සහ උතුරු කොරියාව අතර සාම්ප්‍රදායික මිත්‍රශීලී සහයෝගීතාව තහවුරු කර වර්ධනය කිරීමට බලාපොරොත්තු වන බව ඔවුන්ගේ අවංක හැඟීම් කියා පාන්නට විය. ෂී ජින් පිං මහතා සහ Kim Jong-un මහතා එම සියලු රංගන ශිල්පීන්ගේ විශිෂ්ට ඉදිරිපත් කිරීම් සඳහා අත්පොළසන් දෙමින් අගය කළහ.