චීන ජනපති හා ස්ලොවැකියානු ජනරජයේ අගමැති අතර හමුවක්

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ස්ලොවැකියානු ජනරජයේ අග්‍රාමාත්‍ය Robert Fico මහතා හමුවෙයි. එය අද (04) බෙයිජිං හි මහජන මහා ශාලාවේදී සිදුවිය.

ස්ලොවැකියාව සහ චීනය අතර මිත්‍රත්වය ඉහළින් ප්‍රශංසා කරන බව ෂී ජින් පිං මහතා මෙහිදී අවධාරණය කළේ ය. එමෙන්ම ස්ලොවැකියාව සමඟ ඉහළ මට්ටමේ සමීප හුවමාරු පවත්වා ගැනීමටත්, එකිනෙකා තෝරාගත් සංවර්ධන මාර්ගවලට ස්ථිරව සහාය වීමටත්, චීනය කැමැත්තෙන් සිටී. රාජ්‍ය පාලනයේ අත්දැකීම් හුවමාරුව ශක්තිමත් කරමින් දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය අඛණ්ඩව ගැඹුරු කිරීමටත්, ස්ලොවැකියාව සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව චීන ජනපති පැවසීය. තවද, ස්ලොවැකියාව සමඟ, නව බලශක්ති සහ යටිතල පහසුකම් යන ක්ෂේත්‍රයන් හි ප්‍රායෝගික සහයෝගීතාව ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කිරීමට මෙන්ම, මානව සංස්කෘතික හුවමාරු ප්‍රවර්ධනය කර දෙරටේ ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබා දීමට ද  චීනය කැමැත්තෙන් සිටින බව, ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේ ය.

මෙහිදී අදහස් දක්වමින් Robert Fico මහතා අවධාරණය කළේ එකම චීනය ප්‍රතිපත්තියට ස්ලොවැකියාව තදින් අනුගත වන බව ය. වඩාත් වැඩි චීන සමාගම් තම රට තුළ ආයෝජනය කිරීමට සාදරයෙන් පිළිගන්නා බව ද ඔහු පැවසීය. එමෙන්ම ෂී ජින් පිං මහතා ඉදිරිපත් කරන ගෝලීය පාලන මුලපිරුමේ මූලික මූලධර්මයන්ට, ස්ලොවැකියාව සහය දක්වන අතර, චීනය සමඟ සමීප සන්නිවේදනයක් සහ සහයෝගීතාවයක් පවත්වා ගැනීමට කැමැත්තෙන් සිටින බවත්,  Robert Fico මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.