චීන ජනාධිපතිවරයා හා වියට්නාම කොම්යුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්වරයා අතර සාකච්ඡාවක්

චීන කොම්යුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, වියට්නාම කොම්යුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් To Lam මහතා සමඟ සාකච්ඡා පවත්වයි. එම හමුව අද (14) පස්වරුවේ Hanoi හි වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මූලස්ථානයේදී සිදු විය.

එම හමුවීමට පෙර, වියට්නාම කොම්යුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් To Lam මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පිළි ගැනීමේ උත්සවයට ෂී ජින්පිං මහතා එක් වීය.