චීන ජනාධිපතිවරයා 2024 ලෝක චීන භාෂා සමුළුවට සුබ පැතුම් එක් කරයි

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 2024 ලෝක චීන භාෂා සමුළුවට ලිපියක් යොමු කරමින් එහි 20 වැනි සංවත්සරය වෙනුවෙන් කොන්ෆියුසියස් ආයතනයට සුබ පැතුම් එක් කළේය. එම ලිපිය අද (15) යොමු කර තිබේ.

භාෂාව මිනිසාට අදහස් හුවමාරු කර ගැනීමට මෙවලමක් බවත්, ශිෂ්ටාචාරය උරුම කර ගැනීමට වාහකයක් බවත්, අවබෝධය වැඩි දියුණු කිරීමට පාලමක් බවත් ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. චීන භාෂාව වසර දහස් ගණනක චීන ජාතියේ ශිෂ්ටාචාරමය ප්‍රඥාව ඉදිරියට ගෙන යයි. එය චීනය ලෝකයට දායාද කර ඇති වැදගත් පොදු සංස්කෘතික නිෂ්පාදනයකි. චීන භාෂා අධ්‍යාපනය දියුණු කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවට සහාය වීම සහ සේවය කිරීම මව් භාෂා රටක් ලෙස චීනයේ වගකීමක් බව ඔහු සඳහන් කරයි.

2024 ලෝක චීන භාෂා සමුළුව චීනයේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සත්කාරකත්වය දරන අතර අද (15) බෙයිජිං හිදී ආරම්භ විය. රටවල් සහ කලාප 160කට වැඩි සංඛ්‍යාවක රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන්, විශේෂඥයින්, විද්වතුන්, ගුරුවරුන් සහ ශිෂ්‍ය නියෝජිතයන් 2000කට වැඩි පිරිසක් මෙම සමුළුවට සහභාගි වූහ.