13 වන චීන-ජපාන-දකුණු කොරියානු ආර්ථික හා වෙළඳ අමාත්‍යවරුන්ගේ රැස්වීම අද (30) දකුණු කොරියාවේ සෝල් නුවරදී පැවැත්විණි. චීන වාණිජ අමාත්‍ය Wang Wentao, දකුණු කොරියානු වෙළඳ, කර්මාන්ත සහ බලශක්ති අමාත්‍ය Ahn Duk-geun සහ ජපාන ආර්ථික, වෙළඳ සහ කර්මාන්ත අමාත්‍ය Yoji Muto යන මහත්වරු මෙම රැස්වීමෙහි සම සභාපතිත්වය දැරූහ. 9 වන චීන-ජපාන-දකුණු කොරියානු නායක සමුළුවේදී ආර්ථික හා වෙළඳ ක්ෂේත්රවල ඇති කරගත් වැදගත් එකඟතාවන් ක්‍රියාත්මක කිරීම කෙරෙහි මෙම රැස්වීම අවධානය යොමු කළ අතර, වෙළඳ හා ආයෝජන සහයෝගීතාව, කලාපීය සහ බහුපාර්ශ්වික සහයෝගීතාව ආදිය ශක්තිමත් කිරීම පිළිබඳ පුළුල් එකඟතාවකට ද එළඹුණි.
චීනය, ජපානය සහ දකුණු කොරියාව අතර ආර්ථික හා වෙළඳ සහයෝගීතාවය ඵලදායී ප්‍රතිඵල අත්කර ගෙන ඇති බව Wang Wentao මහතා මෙහිදී පැවසීය. චීනය උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ඉහළ මට්ටමේ විවෘතභාවය පුළුල් කිරීමට නොසැලී කැපවී සිටින බවත්, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු ලොව පුරා රටවල් සමඟ සංවර්ධන අවස්ථා බෙදා දීමට කැමැත්තෙන් සිටින බවත් ඔහු පැවසීය.