චීන ජාතික ආරක්ෂක ඇමති සහ ඇමරිකානු ආරක්ෂක ලේකම් අතර සාකච්ඡාවක් මැලේසියාවේ දී

චීන ජාතික ආරක්ෂක ඇමති Dong Jun මහතා සහ ඇමරිකානු ආරක්ෂක ලේකම් Peter Brian Hegseth මහතා අතර සාකච්ඡාවක් පැවැත්වේ. ඔවුන් අද(31) පෙරවරුවේ මැලේසියාවේ පැවති 12වැනි ආසියාන් සංගම් ආරක්ෂක ඇමතිවරුන්ගේ රැස්වීමකට සහභාගි වීමෙන් අනතුරුව එම සාකච්ඡාව පවත්වා තිබේ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා දකුණු කොරියාවේ සාර්ථක හමුවක් පවත්වා ඉදිරි අදියරේ චීන-ඇමරිකානු සබඳතා ස්ථීර සංවර්ධනය සඳහා උපායමාර්ගික මඟපෙන්වීමක් ඉදිරිපත් කර ඇතැයි Dong Jun මහතා එහිදී පෙන්වා දුන්නේය. දෙරටේ ජාතික ආරක්ෂක දෙපාර්තමේන්තු ප්‍රායෝගික ක්‍රියාමාර්ග හරහා නායක ‍දෙපළ එළඹුණු එකඟතාවන් ක්‍රියාත්මක කොට, සමානාත්මතාවය, ගෞරවය, සාමකාමී සහජීවනය සහ ස්ථාවරත්වය මත පදනම් වූ දෙරටේ හමුදා ධනාත්මක සම්බන්ධතාවයක් ගොඩනැගිය යුතු බව Dong Jun මහතා කියා සිටියේය.

තායිවාන සමුද්‍ර සන්ධිය දෙපස එක්සත් වීම වැළැක්විය නොහැකි ඓතිහාසික ප්‍රවණතාවයකි. චීන තායිවාන ප්‍රදේශය සම්බන්ධයෙන් ඇමරිකාව පැහැදිලි ස්ථාවරයක් පවත්වා ගනිමින් “තායිවාන ස්වාධීනත්වයට” නිසැකවම විරුද්ධ විය යුතු බව ද හෙතෙම එහිදී අවධාරණය කළේය.