චීන ජාතික දිනය වෙනුවෙන් චීන මාධ්‍ය සමූහයේ වැඩසටහන් පෙළක් හොංකොං හි විකාශය ඇරඹේ

චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 76 වන සංවත්සර සැමරුම නිමිත්තෙන්, චීන මාධ්‍ය සමූහයේ උසස් තත්ත්වයේ චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් විකාශය කිරීමේ උත්සවය ඊයේ (29) චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ පැවැත්විණ. හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ප්‍රධාන විධායක නිලධාරී Lee Ka-chiu මහතා සහ චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා එම උත්සවයට සහභාගි වූහ.

චීන මාධ්‍ය සමූහයේ උසස් තත්ත්වයේ චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් විෂය කරුණු වලින් පොහොසත් වන අතර ඒවා ඉහළ මට්ටමේ නිෂ්පාදන ලෙසින් විශේෂාංග චිත්‍රපට සහ වාර්තා චිත්‍රපට ඇතුළු විවිධ ප්‍රභේද ආවරණය කරයි. මෙම චිත්‍රපට සැප්තැම්බර් මස 30 වැනිදා සිට හොංකොං හි විශ්වවිද්‍යාල,අධ්‍යයන ආයතන සහ සංස්කෘතික මධ්‍යස්ථානයන් හි ප්‍රදර්ශනය කෙරේ.

ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය සහ ලෝක ෆැසිස්‍ට් විරෝධී යුද්ධය ජයගැනීමේ 80 වන සංවත්සර උත්සවයට එක් වූ හමුදා පෙළපාළියේ සමස්ත ක්‍රියාවලිය පෙන්වන වාර්තා චිත්‍රපටයක් සහ චීන මාධ්‍ය සමූහය විසින් නිෂ්පාදිත චීනයේ පළමු 8K අභ්‍යවකාශ වාර්තා චිත්‍රපටය වන “Shenzhou 13” ද ඊ‍ට ඇතුළත් වේ.