චීනයේ 2025 ජාතික දින නිවාඩු සමයේ සමස්ත බොක්ස් ඔෆිස් ආදායම චීන යුවාන් බිලියන 1.835 කි. මෙම කාලය තුළ චිත්‍රපට නැරඹීම සඳහා එක්ව ඇති පිරිස මිලියන 50.07 කි. එමෙන්ම චිත්‍රපට ප්‍රදර්ශන වාර සංඛ්‍යාව මිලියන 3.1466 ක් වූ අතර එය වාර්ෂිකව 12.82% ක වැඩිවීමකි. චීනයේ ජාතික චිත්‍රපට පරිපාලනය මෙම දත්ත නිවේදනය කළේය.
ඊයේ (08) දිනය වන විට,2025 වසරේ සමස්ත බොක්ස් ඔෆිස් ආදායම ද චීන යුවාන් බිලියන 43.789 දක්වා ළඟා වී ඇති අතර එය වාර්ෂිකව 18.98% ක වැඩිවීමකි. මෙම වසරේ චිත්‍රපට නරඹන්නන්ගේ සංඛ්‍යාව බිලියන 1.035 දක්වා ළඟා වී ඇති අතර එය ද වාර්ෂිකව 19.39% ක වැඩිවීමකි.
2025 ජාතික දින නිවාඩු සමය තුළ චීන චිත්‍රපට නරඹන්නන්ගේ තෘප්තිමත් බවට අදාළ සමීක්ෂණයේ ප්‍රතිඵලවලින් පෙනී යන්නේ ජාතික දින නිවාඩුව තුළ ඔවුන්ගේ තෘප්තිමත් බව පෙන්වීමේ ලකුණු සංඛ්‍යාව 85.4 ක් බවයි. වාර්ෂිකව ලකුණු 2.1 ක වැඩි වීමක් වන එය පසුගිය වසර හතර තුළ එහි ඉහළම අගය වාර්තා කිරීම ද වේ. යුද්ධය තේමා කරගනිමින් නිර්මාණය වුණු “The Volunteers: Peace at Last” නම් චිත්‍රපටය ලකුණු 87.2 ක් ලබා ගනිමින් පළමු ස්ථානයට පත්විය. 2025 ජාතික දින නිවාඩු සමයේ දී විවිධ පරාසයකින් යුත් චිත්‍රපට වර්ගීකරණයක් දැකිය හැකි වූ අතර ඒවා ප්‍රේක්ෂකයින්ගේ විවිධ නැරඹුම් අවශ්‍යතාවන් ද සපුරාලන්නට විය.