ග්‍රීසියේ කතානායක Constantine An. Tassoulas මහතාගේ ඇරයුමකට අනුව චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති Zhao Leji මහතා පසුගිය 27 වනදා සිට 30 වනදා දක්වා ග්‍රීසියේ නිල සංචාරයක නිරත විය. එහිදී Zhao Leji මහතා එරට ජනාධිපති, අග්‍රාමාත්‍ය මෙන්ම කතානායක හමු වීමට ද පියවර ගෙන ඇත.
ග්‍රීසියේ ජනාධිපති Katerina Sakellaropoulou මහත්මිය හමු වූ Zhao Leji මහතා පැවසුවේ, ගෙවුණු වසර 50කට වැඩි කාලය තුළ චීනයත් ග්‍රීසියත් අතර සබඳතාව අඛණ්ඩව යහපත් ලෙස වර්ධනය වී ඇති බවයි.
එමෙන්ම දෙරටේ නායකයන්ගේ එකඟතාවන් ක්‍රියාවට නංවමින්, සාම්ප්‍රදායික මිතුදම ඔප්නැංවීම සහ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ස්ථාපිත කිරීම ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Zhao Leji මහතා එහිදී කියා සිටියේය. ග්‍රීසියේ ජනපතිනිය ද ප්‍රකාශ කළේ චීනය සමග වෙළඳ, ආයෝජන, මානව, සංචාරක යනාදී ක්ෂේත්‍රවල සහයෝගිතා ශක්තිමත් කරමින් පොදු සංවර්ධනය සාක්ෂාත් කිරීමට අපේක්ෂා කරන බවයි.
අනතුරුව ග්‍රීසියේ අග්‍රාමාත්‍ය Kyriakos Mitsotakis මහතා හමු වූ Zhao Leji මහතා, පෙන්වා දී ඇත්තේ, 2019 වසරේ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ග්‍රීසියේ සිදුකළ සාර්ථක නිල සංචාරය දෙරට අතර සබඳතාවන්හි නව පරිච්ඡේදයක් බිහි කර ඇති බවයි. එහිදී අදහස් දක්වමින්, ග්‍රීසියේ අග්‍රාමාත්‍යවරයා ද අවධාරණය කර ඇත්තේ, යුරෝපය හා චීනය අතර සංවාද ශක්තිමත් කිරීමටත් දේශගුණ විපර්යාස ඇතුළු ගෝලීය අභියෝගවලට ඒකාබද්ධව මුහුණදීමටත් තම රට අනුබල දෙන බවයි.
මේ අතර චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපතිවරයා සහ ග්‍රීසියේ කතානායකවරයා අතර හමුවට පෙර Zhao Leji මහතා වෙත එරට පාර්ලිමේන්තුවේ රන් පදක්කම පිරිනැමීම කතානායක Constantine An. Tassoulas මහතා අතින් සිදු කෙරිණ. අනතුරුව පැවති සාකච්ඡාවල දී Zhao Leji මහතා ප්‍රකාශ කළේ, දෙරටේ ප්‍රධාන උපාය මාර්ග සහ සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක කිරීමටත්, බහුපාර්ශ්වික වේදිකාවන්හි සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමටත් චීන ජාතික මහජන කොංග්‍රසය කැමැත්තෙන් සිටින බවයි. එමෙන්ම දෙරටේ නීති සාම්පාදක ආයතන අතර සමීප හුවමාරු තුළින් ද්විපාර්ශ්වික සබඳතා ගැඹුරින් සංවර්ධනය කළ හැකි බව Constantine An. Tassoulas මහතා එහිදී පැවසීය.