චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය අද(05) බෙයිජිංහි මහජන මහා ශාලාවේදී ආරම්භ විය.
සමස්ත චීනයපුරා,සියලුම ජනවාර්ගයන් අයත් විවිධ ක්ෂේත්‍රවල ජාතික මහජනකොංග්‍රස් නියෝජිතයෝ 3,000කට ආසන්න පිරිසක් ඊට සහභාගී වීසිටිති.
සතියක් පුරා පැවැත්වෙන මෙම සැසිවාරයේදී, ජාතික මහජනකොංග්‍රසයේ නියෝජිතයින් රාජ්‍ය කාර්ය වාර්තාව අධික්ෂණය කරමින්සාකච්ඡා කරනු ඇත.
පසුගිය වසරේ ජයග්‍රහණ සාරාංශ කරමින් මෙමවසර සඳහා ජාතික සංවර්ධන ක්‍රියාමාර්ග සැලසුම් කිරීමට නියමිතවතිබේ.
ඒ සමඟම,ජාතික ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන්වාර්තාව, මධ්‍යම සහ ප්‍රාදේශීය අයවැය අධික්ෂණය කරමින් පරීක්ෂාකෙරෙන අතර ජනතා ශ්‍රේඨාධිකරණයේ සහ උත්තරීතර මහජන නීතිනියාමන අධිකරණයේ කාර්ය වාර්තා ද අධීක්ෂණය කරමින්සාකච්ඡාවට ලක් කෙරෙනු ඇත.
චීන ජාතික මහජන කොංග්‍රසය චීනයේ උත්තරීතර රාජ්‍යබලායතනයයි. සෑම ධුර කාලයක්ම වසර පහක් වන අතර , වාර්ෂිකවපූර්ණ රැස්වීම පැවැත්වේ.
ප්‍රධාන රාජ්‍ය ප්‍රතිපත්ති,නීතිරීති,වැදගත්ධුරයන්ට සිදු කෙරෙන පත් කිරීම් හෝ ඉවත් කිරීම් ඇතුළු කර්යයන්එහිදී සාකච්ඡා කර තීරණය කෙරේ.
එය චීන ජනතාව රාජ්‍ය බලයක්‍රියාත්මක කිරීමේ ඉහළම ප්‍රවේශය වන අතර චීන මාදිළියේසමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රබල පිළිබිඹුවකි. මෙම වසරේපැවත්වෙන්නේ 14 වන ජාතික මහජන කොංග්‍රසයේ තුන්වනසැසිවාරයයි.
සෑම මාර්තු මාසයකම ආරම්භයේ දී පැවැත්වෙන චීන ජාතිකමහජන කොංග්‍රසයේ සහ චීන මහජන දේශපාලන උපදේශක සභාවේජාතික කමිටුවේ වාර්ෂික සැසිවාර, “සැසිවාර දෙක” ලෙසටහැඳින්වේ.
“සැසිවාර දෙක” චීනයේ ප්‍රජාතන්ත්‍රවාදී උපදේශනය තුළින්විද්‍යාත්මක තීන්දු තීරණ ගැනීම හරහා පාලක පක්ෂයේසංකල්ප,රාජ්‍ය සැලැස්ම මෙන්ම ජනතා බලාපොරොත්තු එකටඒකාබද්ධ කරන පිළිබිඹුවකි.
එබැවින් මෙම “සැසිවාර දෙක” චීනයටප්‍රතිපත්ති පිළිබඳ “බැරෝමීටරයක්” පමණක් නොව, ලෝකයට චීනයනිරීක්ෂණය කිරීමේ වැදගත් කවුළුවක් ද වේ.
අද ඉදිරිපත් කළ චීන රාජ්‍ය කාර්ය වාර්තාවට අනුව, 2024 වසරේචීනයේ ආර්ථික ධාරිතාව ස්ථාවර ව ව්‍යාප්ත වී තිබේ. දළ දේශීයනිෂ්පාදිත වටිනාකම යුවාන් ට්‍රිලියන 134.9 දක්වා වැඩි වූ අතරවර්ධන අනුපාතය සියයට 5කි.
එම අනුපාතය ලොව ප්‍රධානආර්ථිකයන් අතරින් ප්‍රමුඛ ස්ථානයක පසු වේ. චීන ආර්ථික වර්ධනයගෝලීය ආර්ථික වර්ධනයට දායක වන සියයට 30ක පමණ අනුපාතයඅඛණ්ඩව පවත්වා ගෙන යාමට හැකිව තිබේ.