චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන-ඩෙන්මාර්ක වාණිජ මණ්ඩල ප්‍රධානියා වෙත පිළිතුරු ලිපියක් යොමු කරයි. චීන-ඩෙන්මාර්ක සහ චීන-යුරෝපා මිත්‍රත්වය වැඩිදියුණු කරමින් අන්‍යෝන්‍ය අනුග්‍රාහී සහයෝගීතාව ගැඹුරු කිරීම සඳහා නව දායකත්වයක් ලබා දෙන ලෙස ඔහු එම ලිපියෙන් චීන-ඩෙන්මාර්ක වාණිජ මණ්ඩලය සහ එහි සාමාජික සමාගම් දිරිමත් කර ඇත.
චීන-ඩෙන්මාර්ක වාණිජ මණ්ඩලය සහ එහි සාමාජික සමාගම්, දෙරට අතර සහ චීනය හා යුරෝපය අතර සබඳතාව ප්‍රවර්ධනය කිරීමට අඛණ්ඩව කාර්යභාර ඉටු කරමින්, අන්‍යෝන්‍ය අවබෝධය හා මිත්‍රශීලි සබඳතා වැඩිදියුණු කිරීමට දායක වනු අතැයි බලාපොරොත්තු වන බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය.
මෑතකදී, චීන-ඩෙන්මාර්ක වාණිජ මණ්ඩල ප්‍රධානියා විසින් පෞද්ගලිකව මෙන්ම වාණිජ මණ්ඩලයේ නාමය සහිත ලිපියක් ජනාපධිපති ෂි ජින් පිං මහතා වෙත යොමු කළේය. චීන-ඩෙන්මාර්ක රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 75 වන සංවත්සරයට සුභ පැතුම් පිරිනමමින් චීනය සමඟ සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කිරීම පිළිබඳ අභිලාෂය එහි ප්‍රකාශ කර තිබිණ.