චීන නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ ඇමරිකානු-චීන ව්‍යාපාරික කවුන්සිලයේ ජාතික කමිටුවේ නියෝජිත පිරිස අතර හමුවක්

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, රාජ්‍ය මණ්ඩලයේ නියෝජ්‍ය අගමැති He Lifeng මහතා, අද(22) ‍බෙයිජිං හිදී ඇමරිකා-චීන ව්‍යාපාරික කවුන්සිලයේ ජාතික කමිටුවේ නියෝජිත පිරිසක් හමුවිය. 

He Lifeng මහතා එහිදී පෙන්වා දුන්නේ, චීන-ඇමරිකා සබඳතාව වත්මන් ලෝකයේ වැදගත්ම ද්විපාර්ශ්වික සබඳතාව බවය. දෙරටේ හුවමාරු ශක්තිමත් කිරීමේ පාලමක් ලෙස ඇමරිකානු-චීන ව්‍යාපාරික කවුන්සිලය අඛණ්ඩව සිය කාර්යභාරයන් ඉටු කරමින් දෙරටේ මිත්‍ර හුවමාරු හා ආර්ථික වෙළඳ සබඳතාව විධිමත් මෙන්ම ස්ථාවර සංවර්ධනය කරා ගෙන යා හැකි බව හෙතෙම ප්‍රකාශ කළේය. ඇමරිකා ව්‍යාපාරිකයන් චීන සංවර්ධන අවස්ථා ප්‍රයෝජනයට ගනිමින් චීන වෙළඳපොලේ සැඟවුණු හැකියාවන් මනා ලෙස භාවිත කර දෙරටේ ආර්ථික වෙළඳ සබඳතාවට වඩාත් වැඩි ස්ථාවරත්වයක් හා ධනාත්මක ශක්තිය ලබා දීම චීනයේ අපේක්ෂාව බවද He Lifeng මහතා එහිදී තවදුරටත් සඳහන් කළේ ය.

මෙහිදී අදහස් දක්වමින් ඇමරිකානු පාර්ශ්වය පෙන්වා දුන්නේ, චීන කර්මාන්ත හා ව්‍යාපාරික ක්ෂේත්‍රය චීන ආර්ථික සංවර්ධන ඉදිරිදැක්ම කෙරෙහි දැඩි විශ්වාසය තබා සිටින බවය. දෙරටේ ආර්ථික වෙළඳ සහයෝගිතා තහවුරු කිරීම වෙනුවෙන් සිය කර්මාන්ත හා ව්‍යාපාරික ප්‍රජාව, සක්‍රිය කාර්යභාරයක් ඉටු කර චීනය තුළ මුල් බැස ගනිමින් දායකත්වය ලබා දීම අඛණ්ඩව සිදු කිරීමට ඇමරිකා-චීන ව්‍යාපාරික කවුන්සිලය ද කැමැත්තෙන් සිටින බව ඔවුහු එහිදී වැඩිදුරටත් කියා සිටියහ.