නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා වෙනුවෙන් පිළිගැනීමේ උත්සවයක් පැවැත්විණ.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් එම පිළිගැනීමේ උත්සවය අද(4) පෙරවරුවේ බෙයිජිං අගනුවර පැවැත්විණ.
අනතුරුව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සමග සාකච්ඡාවක් පැවැත්වීය. එම සාකච්ඡාව බෙයිජිංහි මහජන මහ ශාලාවේදී අද (04) සිදුවිය.