චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතාගේ රාජ්‍ය තාන්ත්‍රික උපදේශක එමානුවෙල් බොන් මහතාගේ සම-සභාපතිත්වයෙන් යුතුව 27 වන චීන-ප්‍රංශ උපායමාර්ගික සංවාදය ඊයේ (15) Hangzhou හිදී පැවත්විණ.
වැන්ග් යී මහතා මෙහිදී පැවසුවේ, දෙරට නායකයින්ගේ උපායමාර්ගික මඟ පෙන්වීම යටතේ, පසුගිය වසර පුරා, සියලු ක්ෂේත්‍රයන් හි සමීප හුවමාරු සමඟින් ක්‍රමික දියුණුවක් ලබමින් චීන-ප්‍රංශ සබඳතා නව ප්‍රගතියක් අත්කර ගෙන ඇති බවයි.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයන් සහ ස්වාධීන ප්‍රධාන රටවල් වන චීනය සහ ප්‍රංශය, වඩාත් උපායමාර්ගිකව ස්ථාවර සහ ඉදිරි දැක්මක් සහිත චීන-ප්‍රංශ සබඳතාවක් ගොඩනඟා ගත යුතු බවත්, එහිදී දෙරට ජනතාවගේ දිගුකාලීන අවශ්‍යතා වෙනුවෙන් සේවය කිරීමටත්, ජාත්‍යන්තර වගකීම් ඉටු කිරීමටත් ක්‍රියා කළ යුතු බව හෙතෙම පැවසීය. එමෙන්ම එක්සත් ජාතීන්ගේ රාමුව තුළ ප්‍රංශය සමඟ බහුපාර්ශ්වික සම්බන්ධීකරණය සහ අන්‍යෝන්‍ය සහයෝගය ශක්තිමත් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද වැන්ග් යී මහතා මෙහිදී සඳහන් කළේය.
මේ අතර මෙහිදී අදහස් දක්වමින් එමානුවෙල් බොන් මහතා පැවසුවේ, ප්‍රංශය එහි ස්වාධීන රාජ්‍ය තාන්ත්‍රික සම්ප්‍රදායට අනුගතව, එකම චීනය මූලධර්ම ස්ථිරව අනුගමනය කරයි. එහිදී, ආර්ථිකය සහ වෙළඳාම, සිවිල් න්‍යෂ්ටික බලශක්තිය, විද්‍යාව සහ තාක්ෂණය මෙන්ම නව බලශක්තිය වැනි ක්ෂේත්‍රයන් හි සමානාත්මතාවය සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ වෙනුවෙන් චීනය සමඟ ප්‍රායෝගික සහයෝගීතාව ශක්තිමත් කිරීමට ප්‍රංශය බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළේය.
එමෙන්ම වෙළඳ යුද්ධයට සහ කඳවුරු පදනම් කරගත් ගැටුම් සඳහා ප්‍රංශය විරුද්ධ බවත් බොන් මහතා පැවසීය.