චීන පුරවැසියන් සඳහා රුසියාවේ වීසා රහිත ප්‍රතිපත්තිය මෙම වසරේ දෙසැම්බර් පළමු වැනිදා සිට ක්‍රියාත්මක කෙරේ. ඊට අදාළ නියෝගයට රුසියානු ජනාධිපති Vladimir Putin මහතා ඊයේ(1) අත්සන් තැබීය. ඒ අනුව අන්‍යෝන්‍ය සහයෝගිතා මූලධර්ම මත පදනම්ව චීන ජාතිකයන්ට සංචාරක හෝ ව්‍යාපාරික අරමුණු සඳහා දින 30ක් නොයික්මවන කාලයක් සඳහා වීසා රහිතව රුසියාවට ඇතුළු විය හැකිය.
2024 වසරේ සැප්තැම්බර් 14 වැනි දින දක්වා මහජන චීන සමූහාණ්ඩුවේ විදේශ ගමන් බලපත්‍රයක් ඇති චීන පුරවැසියන්ට රුසියාවට ඇතුළු වීමට සහ ඥාතීන් හමුවීමට, ව්‍යාපාරික චාරිකා, සංචාර, විද්‍යාත්මක, සංස්කෘතික, සමාජ-දේශපාලන, ආර්ථික හෝ ක්‍රීඩා ඉසව්වලට සහභාගී වීම මෙන්ම වීසා බලපත්‍රයක් ලබා නොගෙන රුසියානු භූමිය හරහා සංක්‍රමණය වීමට හැකිය. ඒ අනුව රට තුළ දින 30කට නොඅඩු කාලයක් රැදී සිටීමට අයිතියක් ඇත.
නියෝගයට අනුව මෙම පියවර රැකියා, අධ්‍යාපන හෝ පදිංචිය සඳහා රුසියාවට ඇතුළු වන චීන පුරවැසියන්ට හෝ වාහන සමග පැමිණෙන රියදුරන්ට, කාර්ය මණ්ඩල සාමාජිකයන්ට, භාණ්ඩ ප්‍රවාහනය කරන්නන් හෝ පරිවර්ථකයන් ලෙස ජාත්‍යන්තර මාර්ග ප්‍රවාහනයේ නියැලී සිටින පිරිස් සඳහා අදාළ නොවනු ඇත.
මෙම වසරේ සැප්තැම්බර් 2 වන දින චීනය සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර දරන රුසියානු ජාතිකයින් සඳහා දින 30ක වීසා රහිත ප්‍රතිපත්තිය සඳහා වසරක අත්හදා බැලීමක් නිවේදනය කළ අතර එය සැප්තැම්බර් 15 වන දින සිට ක්‍රියාත්මක විය. ව්‍යාපාර, සංචාරක, ඥාතීන් හෝ මිතුරන් හමුවීම, විවිධ හුවමාරු හෝ ප්‍රවාහන කටයුතු සඳහා චීනයට පැමිණෙන රුසියානු පුරවැසියන් මෙම ප්‍රතිපත්තිය මගින් ආවරණය කරයි.