චීන – බ්‍රිතාන්‍ය 11 වැනි ආර්ථික හා මූල්‍ය සංවාදයෙන් ප්‍රගතීන් රැසකට එළඹීම ලෝක ආර්ථික සංවර්ධනයට නව සවියක් බව චීනය කියයි

චීන – බ්‍රිතාන්‍ය 11 වැනි ආර්ථික හා මූල්‍ය සංවාදයෙන් ප්‍රගතීන් 69කට එළඹීම ලෝක ආර්ථික සංවර්ධනයට නව සවියක් බව චීනය පවසයි. 

චීන උප අගමැති හේ ලීෆෙන්ග් මහතා සහ බ්‍රිතාන්‍ය භාණ්ඩාගාරයේ චාන්සලර් රේචල් රීව්ස් මහත්මිය සම-සභාපතිත්වය දරන දෙරට අතර 11 වැනි ආර්ථික හා මූල්‍ය සංවාදය පසුගිය 11 වැනිදා පැවැත්විණ. එහිදී බහුපාර්ශ්වවාදය හා ආර්ථික ගෝලීයකරණය තහවුරු කිරීමේ අවශ්‍යතාව දෙපාර්ශ්වය අවධාරණය ක‍ළහ. චීනය හා බ්‍රිතාන්‍යය අතර සහයෝගිතා පැවැත්වීම දෙරට සංවර්ධනයට හිතකර ය. චීන – බ්‍රිතාන්‍ය ආර්ථික හා වෙළඳ ඒකාබද්ධ කමිටුව පිළිබඳ නව සංවාදය මෙන් ම විද්‍යා හා තාක්ෂණ ඒකාබද්ධ කමිටුවේ කර්මාන්ත සහයෝගිතාවයේ නව සංවාද‍ය හැකි ඉක්මණින් ම පැවැත්වීමට දෙපාර්ශ්වය එකඟතාවට පැමිණියහ. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා අද(13) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළේය.

මෙවර 11 වැනි ආර්ථික හා මූල්‍ය සංවාදය මගින් චීන – බ්‍රිතාන්‍ය ආර්ථික හා මූල්‍ය සහයෝගිතාවය සඳහා පවතින පුළුල් අවකාශය පිළිබිඹු කෙරේ. ආර්ථික ගෝලීයකරණය හ බහුපාර්ශ්වවාදයට සරිලන එම සංවාදය දෙරටටත් ලෝකයටත් හිතකර බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.