චීන ජනාධිපති ෂී ජින්පිං මහතා බෙලරුසියානු ජනාධිපති Alexander Lukashenko මහතා හමු වෙයි. මෙම හමුව අද (04) බෙයිජිං හිදී පැවැත්විණ.
ජනාධිපති ධුරයට යළි තේරී පත්වීම පිළිබඳව ෂී ජින් පිං මහතා නැවතත් Lukashenko මහතාට සුබ පැතුවේය. චීනය සහ බෙලරුසියාව සැබෑ මිතුරන් සහ යහපත් හවුල්කරුවන් වේ. චීනය සැමවිටම චීන-බෙලරුසියානු සබඳතා දෙස උපායමාර්ගික හා දිගුකාලීන දෘෂ්ටිකෝණයකින් බලමින් හා වර්ධනය කරමින් සිටින බව, ෂී ජින් පිං මහතා පැවසීය. බෙලරුසියාව සමඟ, ද්විපාර්ශ්වික සබඳතා හා අන්‍යෝන්‍ය යහපත් සහයෝගිතා ස්ථිර හා දිගුකාලීන ලෙස සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට, චීනය කැමැත්තෙන් සිටී. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ෂැංහයි සහයෝගිතා සංවිධානය වැනි බහුපාර්ශ්වික වේදිකා තුළ සම්බන්ධීකරණය සහ සහයෝගීතාව දෙපාර්ශ්වය තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත්, ආධිපත්‍යවාදී හැසිරීම් වලට ඒකාබද්ධව විරුද්ධ වී ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කළ යුතු බවත්, ෂී ජින් පිං මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.
මෙය තම 15 වන චීන සංචාරය බව සඳහන් කළ Lukashenko මහතා, චීනයේ දිගුකාලීන ශක්තිමත් සහයෝගය වෙනුවෙන් බෙලරුසියාවේ ස්තුතිය පළ කළේය. එමෙන්ම බෙලරුසියාව චීනය කෙරෙහි ඉහළ විශ්වාසයක් තබා ඇති බවත්, චීනය සමඟ සබඳතා නොසැලී වර්ධනය කර ගන්නා අතර, චීනය සමඟ සහයෝගීතාව ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කරනු ඇති බවත් Lukashenko මහතා එහිදී සඳහන් කළේ ය. ජාත්‍යන්තර කටයුතුවලදී, චීනය බහුපාර්ශ්විකත්වය දැඩි ලෙස ආරක්ෂා කරන අතර, ඒකපාර්ශ්විකත්වයට සහ සම්බාධකවලට විරුද්ධ වෙමින් ලෝකයටම ආදර්ශයක් සපයා තිබේ. ඒ පිළිබඳව බෙලරුසියාව ඉහළින් ප්‍රශංසා පළ කරයි. තවද චීනය සමඟ, ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කිරීමට බෙලරුසියාව කැමැත්තෙන් සිටින බව ද Lukashenko මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.