චීන-මධ්‍යම ආසියානු රටවල සහයෝගීතාවයේ නව පරිච්ඡේදයක්

චීනය සහ මධ්‍යම ආසියානු රටවල් සහයෝගීතාවේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම පිළිබඳ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා අද (18) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසුවේ, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා දෙවන චීන -මධ්‍යම ආසියානු සමුළුවට සහභාගි වීමෙන් අත් කර ගත් ප්‍රතිඵල පිළිබඳ දැනුවත් කරමිනි.

“අන්‍යෝන්‍ය ගෞරවය, අන්‍යෝන්‍ය විශ්වාසය, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ, අන්‍යෝන්‍ය සහාය සහ උසස් තත්ත්වයේ සංවර්ධනයක් සමඟ පොදු නවීකරණය ප්‍රවර්ධනය කිරීම” යන මූලික අන්තර්ගතය සහිත “චීන-මධ්‍යම ආසියානු ජීවගුණය” පිළිබඳ සංකල්පය ප්‍රථම වතාවට චීන ජනාධිපතිවරයා එහිදී යෝජනා කළේය. මෙම ජීවගුණය ඉදිරියට ගෙන යාමටත් තිරසර සුහදශීලී අසල්වැසි මිත්‍රත්වය සහ සහයෝගීතාවය පිළිබඳ ගිවිසුමකට අත්සන් කිරීමටත් විවිධ පාර්ශ්වයන් එකඟ වූ බව Guo Jiakun මහතා කියා සිටියේය.

කලාපීය උසස් තත්ත්වයේ සංවර්ධනය හා පොදු නවීකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා, දරිද්‍රතාවය අඩු කිරීම, අධ්‍යාපන හුවමාරුව සහ කාන්තාරකරණය පාලනය යන ක්ෂේත්‍රවල ප්‍රධාන සහයෝගිතා මධ්‍යස්ථාන තුනක් මෙන්ම වෙළඳාමට පහසුකම් සැලසීමේ වේදිකාවක් ස්ථාපිත කිරීමට සමුළුව තීරණය කර ඇති බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.