චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටුවේ තුන්වැනි සැසිවාරය අද(10) නිමාවට පත් වෙයි. එහි සමාප්ති සම්මේලනය අද(10) උදෑසන 9ට බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රජයේ නායකයෝ එම අවස්ථාවට එක්ව සිටිති.

එහිදී, චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ 3වැනි සැසිවාරයේ ස්ථාවර කොමිසමේ කාර්ය වාර්තාව පිළිබඳ තීරණය සහ 2වැනි සැසිවාරයේ සිට මේ දක්වා ඉදිරිපත් කෙරුණු යෝජනා සමාලෝචන වාර්තාව පිළිබඳ තීරණය සම්මත කෙරිණ.

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවට අයත් යෝජනා කොමිසමේ 3වැනි සැසිවාරයේ යෝජනා සමාලෝචන තත්ත්වය පිළිබඳ වාර්තාව සහ 3වැනි සැසිවාරයේ දේශපාලන තීරණ ද එහිදී සම්මත කෙරිණ.
