චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 76 වන සංවත්සරය සැමරීම සඳහා විවිධ රටවල චීන තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල මෑතකදී විවිධ උත්සව පැවැත්වීය. එම උත්සවවලට සහභාගී වූ ලොව විවිධ රටවල නායකයින් චීනයේ අසාමාන්‍ය සංවර්ධන ජයග්‍රහණ එහිදී අගය කර ඇත. චීනය සමඟ සහයෝගීතාව ගැඹුරු කර ගනිමින් සමෘද්ධිමත් හා දීප්තිමත් අනාගතයක් නිර්මාණය සඳහා එක්ව කටයුතු කිරීමටත් බලාපොරොත්තු වන බව ඔවුහු පැවසූහ.
පසුගිය දශක කිහිපය තුළ චීනය අත්කර ගත් අසාමාන්‍ය සංවර්ධන ජයග්‍රහණ සහ ලෝක සාමය,සමෘද්ධිය හා තිරසර සංවර්ධනය සඳහා ඔවුන් ඉටු කර ඇති වැදගත් කාර්යභාරයට මුළු මහත් ලොවම සාක්ෂි දරන බව තායිලන්ත අගමැති Anutin Charnvirakul මහතා පැවසීය. තායිලන්ත රජය සහ ජනතාව වෙනුවෙන්,ඔහු චීනයට සමෘද්ධිය සහ තායිලන්ත-චීන සබඳතාවන් හි ස්ථාවර හා තිරසර සංවර්ධනය අඛණ්ඩව ප්‍රාර්ථනා කළේය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීනය අසාමාන්‍ය ජයග්‍රහණ අත්කර ගෙන ඇති අතර ගෝලීය සංවර්ධනය හා සාමය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත. ග්‍රෙනාඩා අගමැති Dickon Mitchell මහතා මේ බව පැවසීය. දෙරට අතර සබඳතා අඛණ්ඩව ගැඹුරු කිරීමට ඔහු බලාපොරොත්තු වේ.
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ අගමැති Felix Moloua මහතා පැවසුවේ චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමෙන් පසු,ලොව පුරා අවධානය දිනාගනිමින් විශිෂ්ට ජයග්‍රහණ ලබා ඇති බවයි. පසුගිය දශකයක පමණ කාලය තුළ චීනය උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ ඉහළ මට්ටමේ විවෘතභාවය පුළුල් කිරීම සඳහා අඛණ්ඩව නව ජයග්‍රහණ ලබා ඇත. මධ්‍යම අප්‍රිකානු ජනරජය චීනයේ සාර්ථක අත්දැකීම් වලින් පෝෂණය වීමටත්, විවිධ ක්ෂේත්‍රයන් හි දෙපාර්ශ්වය අතර ප්‍රායෝගික සහයෝගීතාව ගැඹුරු කිරීමටත් කැමැත්තෙන් සිටින බව ඔහු පැවසීය.