චීන මහජන සමූහාණ්ඩුව සහ ලාඕස මහජන ප්රජාතන්ත්රවාදී ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කෙරේ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ඇරයුමෙන් ලාඕස ජනාධිපති Thongloun Sisoulith මහතා පසුගිය 02 වැනිදා සිට අද (06) දක්වා චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වීමට සමගාමීව මෙම ඒකාබද්ධ නිවේදනය නිකුත් කෙරිණ.
මෙම සංචාරය අතරතුර, දෙරටේ නායකයින් දෙපාර්ශ්වය සහ රටවල් අතර සබඳතා මෙන්ම පොදු සැලකිල්ලක් දක්වන ජාත්‍යන්තර හා කලාපීය ගැටලු පිළිබඳව පුළුල් ලෙස අදහස් හුවමාරු කර ගනිමින් වැදගත් එකඟතා රැසකට පැමිණි බව එම නිවේදනය පවසයි.
“පොදු ඉරණමක් සහිත චීන-ලාඕස ප්‍රජාවක් ගොඩනැගීම සඳහා වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ සහ ලාඕස මහජන විප්ලවවාදී පක්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම (2024-2028)” ක්‍රියාත්මක කරමින් නව යුගයේ සර්වකාලීන පොදු ඉරණමක් සහිත චීන-ලාඕස ප්‍රජාවක් ගොඩනැගීමට එක්ව කටයුතු කිරීමට දෙපාර්ශ්වයම එකඟත්වය පළ කර ඇති බව ද එහි වැඩිදුරටත් දැක්වේ.
එමෙන්ම දේශපාලනමය වශයෙන් ඉහළ මට්ටමේ අන්‍යෝන්‍ය විශ්වාසයක් ගොඩනැගීමට, ඉහළ ඔරොත්තු දීමේ ආරක්ෂක සහයෝගීතාවයක් ඇති කිරීමට, උසස් තත්ත්වයේ අන්‍යෝන්‍ය වාසිසහගත සහයෝගීතාවන් ගැඹුරු කිරීමට, නිරන්තර පුද්ගලාන්තර හුවමාරු ප්‍රවර්ධනය කිරීමට සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් උපායමාර්ගික සහයෝගීතාව ශක්තිමත් කිරීමට එක්ව කටයුතු කිරීම සඳහා ද දෙපාර්ශ්වයම කැමැත්ත පල කර ඇත.
මේ අතර, ලාඕසයේ රාජ්‍ය සංචාරයකට එක් වන්නැයි චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වෙත ලාඕස ජනාධිපති Thongloun Sisoulith මහතා සාදරයෙන් ඇරයුම් කර ඇති බවත් එම නිවේදනය සඳහන් කරයි.