චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (19) සහ අද (20) යන දෙදින තුළ මධ්‍යම චීනයේ පිහිටි Henan පළාතේ Luoyang සහ Zhengzhou නගරවල නිරීක්ෂණ චාරිකාවක නිරතව ඇත.
නව යුගයේ මෙන්ම නව ගමනේදී, Henan පළාත චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ උපායමාර්ගයන් ක්‍රියාත්මක කරමින්, මධ්‍යම චීනයේ උසස් තත්ත්වයේ සංවර්ධනයෙන් චීන මාදිලියේ නවීකරණයේ නව පරිච්ඡේදයක් ලිවිය යුතු බව ෂී ජින් පිං මහතා එම චාරිකාවේදී පෙන්වා දුන්නේය.
ඊයේ (19) පස්වරුවේ ෂී ජින් පිං මහතා Luoyang නගරයේ LYC Bearing සමාගම නිරීක්ෂණය කළේය. විද්‍යා හා තාක්ෂණයෙන් තොරව නවීන නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කළ නොහැකි බව ඔහු එහිදී පෙන්වා දුන්නේය. තාක්‍ෂණික සංවර්ධනය ශක්තිමත් කර ස්වාධීන නවෝත්පාදන මාවතකට යා යුතු බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කර ඇත.

ඉන් අනතුරුව චීන ජනාධිපතිවරයා රට තුළ බුදු දහමේ ආරම්භය සිදු වූ සුදු අශ්ව පන්සලට පැමිණියේය. විවිධ ආගම් චීනයේ විශිෂ්ට සාම්ප්‍රදායික සංස්කෘතිය සමඟ ඒකාබද්ධ වීමට සහ සමාජවාදී සමාජයට අනුගත වීමට ක්‍රියාකාරීව උත්සාහ කළ යුතු බව ඔහු එම අවස්ථාවේදී කියා සිටියේය.

එදිනම ෂී ජින් පිං මහතා ලෝක උරුමයක් වන Longmen ගුහා සංකීර්ණය ද නිරීක්ෂණය කර ඇත. මෙවැනි වැදගත් චීන සංස්කෘතික අංග මනාව ආරක්ෂා කළ යුතු අතර, ඒවා අනාගත පරපුරටද උරුම කරමින් පුළුල් ලෙස පතුරුවාලිය යුතු බව ඔහු කීය. එමෙන්ම සංස්කෘතික හා සංචාරක කර්මාන්තයේ උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කළ යුතු අතර, එය ප්‍රධාන කර්මාන්තයක්, ජීවනෝපාය කර්මාන්තයක් සහ ප්‍රීතිය ගෙන දෙන කර්මාන්තයක් බවට පත් කළ යුතු බව ඔහු එම අවස්ථාවේදී කියා සිටියේය.
අද (20) පෙරවරුවේ ෂී ජින් පිං මහතා Henan පළාතේ කාර්ය වාර්තාවලට සවන් දී වැදගත් උපදෙස් පළ කළේය. ප්‍රධාන ආර්ථික පළාතක් ලෙස, Henan පළාත සැබෑ ආර්ථික පදනම තහවුරු කරමින්, තාක්‍ෂණික නවෝත්පාදනයෙන් නව ගුණාත්මක ඵලදායිතාව සංවර්ධනය කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය. උසස් තත්ත්වයේ සංවර්ධනය සඳහා නවීන කාර්මික පද්ධතියේ ආධාරක ධාරිතාව වැඩි දියුණු කළ යුතු බව ද ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කර ඇත.