චීන මාදිලියේ නවීකරණ සංවර්ධනය තුළ ජීවනෝපාය ක්ෂේත්‍රයේ ජයග්‍රහණ රැසක්

14 වන පස් අවුරුදු සැලසුම් ක්‍රියාවට නැංවූ කාලය තුළ චීන අයවැයෙන්  ජනතාවගේ ජීවනෝපායන් සඳහා යුවාන් ට්‍රිලියන 100ක මුදලක් වෙන් කර ඇති බව චීන මුදල් අමාත්‍යාංශය පවසයි.

චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලය අද (12) “14 වන පස් අවුරුදු සැලැස්මේ උසස් තත්ත්වයේ සම්පූර්ණ කිරීම” යන තේමාව යටතේ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව අනාවරණ කළේය. 14 වන පස් අවුරුදු සැලසුම් ක්‍රියාත්මක කළ කාලය තුළ චීන ජනතාවගේ ජීවනෝපාය ක්‍රමවේදයන් සංවර්ධනය කිරීමෙහි අත් කරගත් ජයග්‍රහණ එහිදී හඳුන්වා දී තිබේ.

එම කාලය තුළ චීන ජාතික පොදු අයවැයෙන් යුවාන් ට්‍රිලියන 100 කට ආසන්න ප්‍රමාණයක් ජනතාවගේ ජීවනෝපායන් සඳහා ආයෝජනය කර ඇත. මෙම වසරේ ජාතික අයවැය මඟින් ළමා සුබසාධන සහනාධාර (වයස අවුරුදු තුනට අඩු ළමුන් සඳහා) වෙනුවෙන් යුවාන් බිලියන 100 ක් සහ නොමිලේ පෙර පාසල් අධ්‍යාපනය ක්‍රමයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා යුවාන් බිලියන 20 ක් වෙන් කර ඇත