චීන සාම්ප්‍රදායික අලුත් අවුරුද්දේ 15වන දිනය අදට යෙදී ඇති අතර පහන් කූඩු උත්සවය එදිනට සැමරෙයි. පුරවක සඳක් ඇති එම දිනයේ රාත්‍රී 8 ට චීන මාධ්‍ය සමූහය නිෂ්පාදිත ‘2026 පහන් කූඩු උත්සවයේ රාත්‍රී ප්‍රසංගය’ විකාශය කෙරේ. ප්‍රීතිමත් උත්සව වාතාවරණයක් හමුවේ නැටුම් ගැයුම්, සාම්ප්‍රදායික ඔපෙරා, කෙටි හාස්‍යජනක නාට්‍ය, ඉන්ද්‍රජාල ඇතුළු විවිධ සංදර්ශන හරහා ලොව වෙසෙන චීන ජාතිකයින් හා විදේශ මිත්‍රයින් සමග එම සාම්ප්‍රදායික උත්සවය සමරනු ලැබේ.



