2026-2032 දක්වා කාලය තුළ පැවැත්වීමට නියමිත සියලු ඔලිම්පික් ක්‍රීඩා තරඟ විකාශය සඳහා වන දිගුකාලීන ප්‍රකාශන හිමිකම් ගිවිසුමකට චීන මාධ්‍ය සමූහය සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අතර අද (09) චීනයේ Guangdong පළාතේ Guangzhou නගරයේ දී අත්සන් තැබිණ. චීනයේ Guangzhou හිදී අද ආරම්භ වන 15 වන චීන ජාතික ක්‍රීඩා උළෙලට සමගාමීව මෙය සිදු කෙරිණ.
මෙම ගිවිසුම හරහා සංකේතවත් වනුයේ, ඉදිරි ශීත ඔලිම්පික් තරඟ දෙකේදී සහ ගිම්හාන ඔලිම්පික් තරඟ දෙකේදී, චීන මහා ගොඩබිම සහ මැකෞ විශේෂ පරිපාලන කලාපය සඳහා සුවිශේෂී ඔලිම්පික් විකාශන අයිතිය චීන මාධ්‍ය සමූහය වෙත නිල වශයෙන් හිමි වන බවයි.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපතිනි Kirsty Coventry මහත්මිය, එහිදී දෙපාර්ශ්වය වෙනුවෙන් ගිවිසුම් අත්සන් කරමින්, 2026 Milano-Cortina ශීත ඍතු ඔලිම්පික් උළෙල ආවරණය කිරීම සඳහා වන චීන මාධ්‍ය සමූහයේ නිල ලාංඡනය ද එළි දක්වනු ලැබීය. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ගෞරවනීය සභාපති Thomas Bach මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.