චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවයේ දුම්රිය ගමන් වාර සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවාවන් හි නිරත අංක X8086 දරන දුම්රිය, චීනයේ Chengdu නගරයේ පිහිටි ජාත්‍යන්තර දුම්රිය ස්ථානයේ සිට අද (28) පෝලන්තය බලා පිටත් වීමත් සමඟ එම දුම්රිය සේවයේ ගමන් වාර සංඛ්‍යාව ලක්ෂ 1.2ක සම්පූර්ණ කළේය. එහි ප්‍රවාහනය කළ භාණ්ඩවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 490ක ඉක්මවා ගොස් තිබේ. 

චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවය ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා එම දුම්රිය මගින් ප්‍රවාහනය කරන භාණ්ඩ වර්ග 53කට අයත් භාණ්ඩ 50,000ක් පමණ බෙදා හැර ඇත. මෝටර් රථ සහ රථ වාහන කොටස්, යන්ත්‍රෝපකරණ, ඉලෙක්ට්‍රොනික හා විදුලි නිෂ්පාදන යන ඉහළ වටිනාකම් සහිත භාණ්ඩ චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය හරහා අපනයනය කෙරෙන ප්‍රධාන භාණ්‍ඩ බවට පත්ව ඇත.

යුරෝපයේ රටවල් 26ක නගර 232 ක් වෙත ළඟා විය හැකි චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය, ආසියානු රටවල් 11ක නගර සියයකට වැඩි සංඛ්‍යාවක් සමඟ ද සම්බන්ධ වී තිබේ. එය ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල පොදුවේ ක්‍රියාත්මක කිරීමට හා ඉහළ මට්ටමේ විවෘතභාවය සඳහා ද නව ශක්තියක් ලබා දුන්නේය. චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවය මෙලෙස නව ජයග්‍රහණ ලබා ගෙන ඇති අතර එහි සන්නාම වටිනාකම ද ලෝකයේ පොදු පිළිගැනීමක් දිනා ඇති බවට විශ්වාස කෙරේ.