චීන රාජ්‍ය මණ්ඩලයේ ස්ථාවර සමුළුව චීන අගමැති ප්‍රධානත්වයෙන්

චීන රාජ්‍ය මණ්ඩලයේ ස්ථාවර සමුළුවක් චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පැවැත්විණ.

චීන මධ්‍යම රජයේ ආර්ථික කාර්ය සමුළුවේ දී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් ෂී ජින් පිං මහතා සිදු කළ  වැදගත් කතාවේ හරයාත්මක කරුණු ක්‍රියාත්මක කිරීම  එම සමුළුවේදී අධ්‍යයනය කෙරිණ. එසේම, චීන මධ්‍යම රජයේ ආර්ථික කාර්ය සමුළුවේ තීරණ හා විධිවිධාන ක්‍රියාත්මක කිරීමට ද එහිදී අවධානය යොමු කෙරිණ.

ලබන වසරේ ආර්ථික තත්ත්වය සහ තීරණ ගැනීම සහ ආර්ථික කටයුතු යෙදවීම් පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විද්‍යාත්මක විනිශ්චය සමඟ සංකල්ප හා ක්‍රියාවන් ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාව මෙම සමුළුවේදී අවධාරණය කෙරිණ. චීන රාජ්‍ය මණ්ඩලයේ සියලුම දෙපාර්තමේන්තු විසින් සියලුම කාර්යයන් ඵලදායි හා ක්‍රමානුකූලව ඉදිරියට ගෙන යාම සහතික කිරීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් තීරණය කරනු ලබන විවිධ විධිවිධානවලට අනුකූලව ක්‍රියාත්මක කිරීමේ සැලසුම් සකස් කළ යුතු බව ද මෙම සමුළුවේදී පෙන්වා දෙන ලදී.

මෙම සමුළුව රජයේ ආයෝජන අරමුදල්වල උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග අධ්‍යයනය කර, නිෂ්පාදනයේ සුරක්ෂිතභාවය පිළිබඳ වාර්තාවලට සවන් දුන් අතර පාපන්දු ක්‍රීඩාවේ පුනර්ජීවනය හා සංවර්ධනයට අදාළ කාර්යයන් අධ්‍යයනය කර ප්‍රවර්ධනය කිරීමද සිදු කෙරිණ. සමුළුවේදී “මහජන ආරක්ෂක වීඩියෝ රූප තොරතුරු පද්ධති කළමනාකරණ කෙටුම්පත” සමාලෝචනය කර අනුමත කිරීම ද සිදුවිය.