චීන-රුසියා-ඉරාන නියෝජිතයන් හා ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සියේ අධ්‍යක්ෂ ජනාරල්වරයා අතර හමුවක්

ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සියේ චීන ස්ථාවර නියෝජිත Li Song මහතා, රුසියා ස්ථාවර නියෝජිත Ulyanov මහතා හා ඉරාන ස්ථාවර නියෝජිත Najafi මහතා ඒකාබද්ධව එම ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල් Rafael Grossi මහතා හමු වෙති. වර්තමානයේ ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය දේශපාලන හා රාජ්‍යතාන්ත්‍රික ක්‍රමයෙන් විසඳීමේ ක්‍රියාවලියට ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය දායකත්වය ලබාදීම පිළිබඳව ඔවුන් ඊයේ(24) ගැඹුරින් සාකච්ඡා කර තිබේ.

අන්‍යෝන්‍ය ගරුකිරීම මත දේශපාලන හා රාජ්‍යතාන්ත්‍රික සංවාදය, ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය විසඳීමේ එකම ඵලදායී තේරීම බව එම රටවල් තුනේ නියෝජිතයෝ අවධාරණය කළහ. ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සියට සිය වෘත්තීය හා වි‍ශේෂ කාර්යභාරය ඉටු කර සක්‍රිය ලෙස ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය විසඳීමේ දේශපාලන හා රාජ්‍යතාන්ත්‍රික වෑයමට අනුබල දෙන බව ඔවුන් පවසා තිබේ. ඉරානය හා ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය සංවාද හා සහයෝගිතා පැවැත්වීම ශක්තිමත් කිරීමට චීනය හා රුසියාව සහාය ලබා දෙයි.

රුසියාව, ඉරනාය හා ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය සමග සංවාද හා සහයෝගිතා ශක්තිමත් කරමින් ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය දේශපාලන හා රාජ්‍යතාන්ත්‍රික විසඳීමේ ක්‍රියාවලියට ධනාත්මක විභවයක් එක් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද Li Song මහතා කියාසිටියේය.