චීන – ලාඕස විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා, ලාඕස නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය Thongsavanh Phomvihane මහතා අද(30) බෙයිජිං හිදී හමුවිය.

චීනය සහ ලාඕසය සොහොයුරන් ලෙස සඳහන් කරමින් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙකු ද වන වැන්ග් යී මහතා පැවසුවේ  චීන-ලාඕස දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී සහ ඛනිජ, ආර්ථික සහ වෙළඳාම මෙන්ම මානව සම්පත් සංවර්ධනය වැනි ක්ෂේත්‍රවලදී සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමටත් බහුපාර්ශ්වික රාමු තුළ සහයෝගිතාව පුළුල් කිරීමටත් චීනය ලාඕස සමග කටයුතු කිරීමට සූදානම් බවයි.

දෙරටේ සහ පක්ෂ දෙකේ ඉහළම නායකයින් විසින් අති කරගත් වැදගත් එකඟතාවය ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට සහ උපායමාර්ගික වැදගත්කමක් ඇති හවුල් අනාගතයක් සහිත චීන-ලාඕස ප්‍රජාව ගොඩනැගීම අඛණ්ඩව ඉහළ මට්ටමකට ගෙන යාමට චීනය කැමැත්තෙන් සිටින බව වැන්ග් යී මහතා වැඩිදුරටත් පැවසීය.

ලාඕසය “එකම චීනය”මූලධර්මය දැඩිව පිළිපදින බව Thongsavanh Phomvihane මහතා පැවසීය. ලාඕස-චීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 65 වන සංවත්සරය සහ දෙරට මිත්‍රත්ව වසර සහයෝගිතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරන අතර පොදු අනාගතයක් සහිත ලාඕස-චීන ප්‍රජාව සඳහා ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට මෙය අවස්ථාවක් ලෙස ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.