චීන වසන්ත උත්සව සැමරුම් රටවල් රැසක පැවැත්වේ

චීනයේ චන්ද්‍ර දින දර්ශනයට අනුව සැමරෙන 2026 වසරේ අශ්වයාගේ අලුත් අවුරුද්ද ළඟාවත්ම, “ප්‍රීතිමත් චීන වසන්ත උත්සවය” යන තේමාවට අනුව ලොව රටවල් රැසක ක්‍රියාකාරකම් මාලාවක් පැවැත්වේ. 

එහි පළමු ක්‍රියාකාරකම පසුගියදා ශ්‍රී ලංකාවේ කොළඹදී පැවැත්විණ. චීන ජන ගී හා නැටුම්, සාම්ප්‍රදායික චීන වාද්‍ය භාණ්ඩ ඇසුරින් ඉදිරිපත් කෙරුණු ගීත සහ විවිධ සම්භාව්‍ය කලා ආකෘතීන් ඇතුළත් එම සංදර්ශනය චීන සංස්කෘතියේ චමත්කාරය විදහා දැක්වීය.