චීන-විදේශීය ජනතාව අතර මිත්‍රත්වය අඛණ්ඩව ශක්තිමත් කරන චීන ජනපතිගේ අපේක්ෂාව

මෙම වසරේ ජනවාරි මස 4වැනිදා ඇමරිකානු මිතුරියක වන Sarah Lande ට චීන ජනාධිපතිවරයාගෙන් පිළිතුරු ලිපියක් ලැබිණ. සිය ලිපියෙන්, ඇමරිකාවේ Muscatine මධ්‍යම පාඨශාලාවේ සිසුන් චීනයේ හුවමාරු වැඩසටහන් සඳහා සහභාගී වනු ඇතැයි Sarah Lande ගේ බලාපොරොත්තුවට ප්‍රතිචාර දැක්වූ ෂී ජින් පිං මහතා වැඩසටහනට සහභාගී වීමට සිසුන් සාදරයෙන් පිළිගන්නා බව පැවසීය.

1985 වසරේදී, එවකට චීනයේ Hebei පළාතේ Zhengding කෝරළයේ චීන කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම්වරයා වූ ෂී ජින් පිං මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසක්, ඇමරිකාවේ Iowa හි සංචාරය කිරීමේදී, Sarah Lande එහි පිළිගැනීමේ කටයුතු භාරව සිටියාය.

2023 වසරේදී ෂී ජින් පිං ජනාධිපතිවරයා ඇමරිකාවේ නිල සංචාරයක නිරත විය.ඇමරිකානු මිත්‍ර කණ්ඩායම්වල ඒකාබද්ධ පිළිගැනීමේ භෝජන සංග්‍රහයකට සහභාගී වීමේදී ඔහු ප්‍රකාශ කළේ ඉදිරි වසර පහ තුළ හුවමාරු වැඩසටහන් සහ අධ්‍යයනය සඳහා ඇමරිකානු යෞවනයන් 50,000කට චීනයට පැමිණීමට ආරාධනා කරන බවයි. 2024 වසරේ ජනවාරි මස අවසානයේදී, මෙම ව්‍යාපෘතිය යටතේ චීනයට පැමිණි ඇමරිකානු මධ්‍යම පාසල් සිසුන්ගේ පළමු කණ්ඩායම ලෙස, Muscatine මධ්‍යම පාසලේ සිසුන් 20 කට වැඩි පිරිසක් හුවමාරු චාරිකා සඳහා චීනයේ බෙයිජිං, Shanghai, Hebei සහ වෙනත් ස්ථානවලට පැමිණියහ.

ආරාධනාවකට අනුව මෙම වසරේ ජූලි මාසයේදී ෂී ජින් පිං මහතා කසකස්ථානයේ නිල සංචාරයක් සිදු කළේය. ඉන් අනතුරුව නව අදියරකට පිවිස ඇති චීනය සහ කසකස්ථානය අතර මානව හා සංස්කෘතික හුවමාරුවල නව වර්ධනයක් ද ඇති වී තිබේ.දෙරටේ සංස්කෘතික මධ්‍යස්ථාන අන්‍යෝන්‍ය වශයෙන් ස්ථාපිත කිරීමට ගිවිසුමකට අත්සන් තැබූ අතර, කසකස්ථානයේ චීන විශ්වවිද්‍යාලවල ශාඛා සහ Lubanවැඩමුළුව ආරම්භ කිරීමට දෙරට එක්ව කටයුතු කර ඇත. අන්‍යෝන්‍ය වීසා නිදහස් කිරීම මගින් 2023 වසරේදී දෙරට අතර පුද්ගලයන් 600,000 කට ආසන්න සංඛ්‍යාවක් හුවමාරු වී තිබේ.

චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවා ගෙවී ගිය වසර 75ක කාලය දෙස ආපසු හැරී බලමින් ෂී ජින් පිං ජනාධිපතිවරයා පවසා ඇත්තේ අනාගත පරපුර වෙනුවෙන් වඩාත් සුන්දර ලෝකයක් ගොඩනැගීම සඳහා, මිතුරු මිතුරියන් සමග බැඳීම් හා රටවල් අතර ඵලදායී සන්නිවේදනය හරහා චීන-විදේශීය ජනතාව අතර මිත්‍රත්වය අඛණ්ඩව ශක්තිමත් කිරීමට විවිධ රටවල් සමග එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවයි.