චීන විදේශ ඇමතිගේ ජපාන සංචාරය ගැන පැහැදිළි කෙරේ

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති Wang Yi මහතා, චීන-ජපාන-දකුණු කොරියා විදේශ අමාත්‍යවරුන්ගේ හමුවකට සහභාගී වීම සඳහා මෑතකදී ජපානයට ගිය අතර, එහිදී හෙතෙම චීන-ජපාන ඉහළ මට්ටමේ ආර්ථික සංවාදයේ මුලසුන දැරීය. මෙම සංචාරය තුළ ඔහු ජපන් රජයේ නිලධාරීන් කිහිප දෙනෙකු හමුවිය. ඓතිහාසික කරුණු සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය සහ උත්සුකයන් පිළිබඳව Wang Yi මහතා මහතා එහිදී පැහැදිළි කළේය.

මේ සම්බන්ධයෙන්, චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun මහතා අද (24) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී පැවසුවේ, Wang Yi මහතා පැවසූ පරිදි, ඓතිහාසික කරුණු චීන-ජපාන සබඳතාවන් හි දේශපාලන පදනමට අදාළ බවයි. ජපානය තම අසල්වැසි රටවල් සමඟ සබඳතා වර්ධනය කර ගැනීමට ඇති දේශපාලන පදනම වන්නේ ඉතිහාසය නිවැරදිව අවබෝධ කර ගැනීම සහ සැලකීම බව ඔහු පැවසීය.