අද(7) සිට 12 වැනිදා දක්වා චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති වං යී මහතා අප්‍රිකාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතය. මෙවර සංචාරය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද පැවති මාධ්‍ය හමුවේදී අදහස් පළ කළාය.
චීනය හා අප්‍රිකාව අතර රාජ්‍යතන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 70 වන සංවත්සරය මෙම වසරට යෙදේ. එමෙන්ම මෙම වසර ෂී ජින් පිං මහතා හා අප්‍රිකානු රටවල නායකයන් එකඟ වූ “ චීන-අප්‍රිකානු මානව හුවමාරු වසරයි”. අඛණ්ඩව වසර 36 ක් පුරා චීන විදේශ අමාත්‍යවරයා වාර්ෂිකව සිදුකරන ප්‍රථම නිල විදේශ සංචාරයේ ගමනාන්තය අප්‍රිකාව වීමේ සාම්ප්‍රදාය ඉදිරියට ගෙන යමින් මෙවර සංචාරයේදී වං යී මහතා අප්‍රිකානු රටවල් 4ක සංචාරය කරනු ඇත.එමෙන්ම අප්‍රිකා සංගමයේ මූලස්ථානයේදී හෙතෙම“ චීන-අප්‍රිකානු මානව හුවමාරු වසර” ආරම්භක උත්සවයට එක්වීමට නියමිතය. ඉතියෝපියාව, සෝමාලියාව, ටැන්සානියාව, ලෙසෝතෝ යන රටවල් 4 චීනයේ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරී රටවල් වන බව Mao Ning මහත්මිය ප්‍රකාශ කළාය. ඒ ඒ පාර්ශ්වයන් සමග දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කිරීම, චීන-අප්‍රිකා සහයෝගීතා සංසදයේ බෙයිජිං නායක සමුළුවේ ප්‍රතිඵල ක්‍රියාත්මක කිරීම, චීන -අප්‍රිකානු ශිෂ්ටාචාර හුවමාරු හා අන්‍යෝන්‍ය අධ්‍යායනය ශක්තිමත් කිරීම මෙන්ම නව යුගයේ අංගසම්පූර්ණ පොදු ඉරණමක් සහිත චීන-අප්‍රිකා ප්‍රජාව ගොඩනැගීමට නව ශක්තියක් ලබා දීම එම සංචාරයේ ප්‍රධාන අරමුණ වන බවද චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය පැවසුවාය.